අපි දෙන්නම බබෙක්ට ගොඩක් ආසයි එයත් සුදුසුම කාලය අපේ ළඟට එයි.මාෂි කියන සුන්දර කතාව
මාෂි පුබුදු කියන්නේ ලංකාවේ කලා ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන ආදරණීය යුවලක්.ජනප්‍රිය කලාකරුවෙක් වෙන්න පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ තමයි මාෂි සිරිවර්ධන කියන්නේ.මේ දෙන්නම ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදිහට තමයි විවාහ වෙන්නේ.අද වෙද්දි විවාහ ජීවිතයේ වසර පහක පමණ කාලයක් බොහොම සතුටින් එකට පුබුදු සහ මාෂී ජීවත් වෙනවා.
ඒ වගේම තමයි ගොඩක් අය විවාහ වුණාට පස්සේ අඩුපාඩු වැරදි හොයලා විවාහ ජීවිතයේ ජීවිතය අපායක් බවට පත්කර ගන්නවා.හැබැයි මාෂි කියන්නෙ විවාහ උනාට පස්සේ ඔවුන්ගේ ජීවිත තවත් ආදරයෙන් පිරුණා කියලයි.
“ඇත්තටම ඒක මාර වැඩක්.අපේ ආදරේ එන්න එන්න වැඩි වුණා මිසක් අඩුවුනේ නම් නැහැ.ආදරවන්තයන් විදිහට හිටපු කාලේදී අපි ආදරය කළා මං නම් විවාහයට කලින් වඩා දැන් තමයි ආදරේ කරන්නෙ.අයියා කවදත් වගේ වෙනසක් නැතුව මං ගැන හොයලා බලනවා.ආදරය කරන කාලය අපි ගෙවල් වල හිටියේ එතකොට අපිට බලපෑම් එකනේ ආදරය කරන්න උනේ.නමුත් විවාහ වුණාට පස්සේ අපි දෙන්නා වෙනම ගෙදරක ජීවත් වෙන්න ගත්තා.ඒ නිසා නිදහසේ අපේ ජීවිතය විඳින්න අපි දෙන්නට පුළුවන් වුණා.පුබුදු අයියා රූගත කිරීම් වලට ගියාම මට පාලුයි”
එදා වගේම අදටත් හරිම සතුටින් තමයි මේ දෙන්නා ජීවිතය ගත කරන්නේ.ඒ වගේම තමයි ගෙදර දොරේ වැඩපළ වුණත් දෙන්නම බෙදාගෙන කරනවා කියලත් ඇය සඳහන් කළා.ඒ වගේම තමයි මාෂි මුලින්ම පුබුදු ට ආදරය කරන්න පටන් අරන් තියෙන්නේ ඔහුගේ හොඳ ගතිගුණ වලට.මොකද ඔහු අයට වගේම ඇගේ පවුලේ අයටත් පණ වගේ ආදරෙයි.ඒ වගේ ආදරයක් තමයි හැමෝටම ලැබෙන්න ඕනි.
ඉතින් දැන් විවාහ වෙලා සෑහෙන කාලයක් වෙන නිසා මේ දෙන්නම තාම පුංචි අමුත්තෙක් කැදැල්ලට ගේන්න අදහසක් නැද්ද කියලා අහපු අවස්ථාවකදී කිව්වේ මේ වගේ කතාවක්.
“දැනට අපි දෙන නිදහසේ සතුටින් කාලය ගත කරනවා අපි දෙන්නම බබෙක්ට ගොඩක් ආසයි.එයත් සුදුසුම කාලය අපි ළඟට එයි එදාටත් මේ වගේම සතුටින් සැහැල්ලුවෙන් ඒ අත්දැකීම විඳින්න තමයි අපිට ඕනේ”
ඔන්න ඔය විදිහට තමා තමයි ඇය කලකට පස්සේ අදහස් එකතු කරලා තිබුණේ.ඉතින් තවත් බොහෝ කාලයක් මේ දෙන්නටම සතුටින් ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපී පාර්ථනා කරන්නේමූ