මගේ ජීවිතේ සාර්ථකත්වයට ගෙනාවෙ පූජනී හිතුනොත් එයත් එක්ක විවාහ වෙනවා.
ගයාන් ගුණවර්ධන කයන්නේ කලාවට ආධුනික කලාකාරයෙක් නෙවෙයි.මීට මාස කිහිපයකට කලින් මේ ලෝකෙන් සමු ගත්ත නුවන් ගුණවර්ධන කියන ආදරණීය ගායකයාගේ එකම පුතා තමයි ගයාන් ගුණවර්ධන කියන්නේ.ඉතින් ඔහු මේ දවස් වල ගායන ශිල්පියෙක් ට වඩා රංගන ශිල්පියෙක් විදියට තමයි බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ.
පාරදිගේ ටෙලි නිර්මාණයේ හරි අපූරු චරිතයකින් කරලියට ආපු ගයාන් අද වෙද්දි ගායකයා අමතක කරලා රංගනයට සම්බන්ධ වුණාද කියලත් ගොඩක් අය අහනවා.හැබැයි ඔහු නම් කියන්නේ සංගීත ක්ෂේත්‍රයට ඔහු කවදාවත් සමුදෙන්නේ නැහැ කියලයි.
ඒ වගේම ගයාන් මේ වෙද්දි විවාහ වෙන වයසෙ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක්.ඒ වගේම තමයි ඔහු නිතරම ක්ෂේත්‍රය තුළ ඉන්න පූජනී භාග්‍යා කියන කලාකාරිනියක් එක්ක. ඉතින් හැමෝම අහන දෙයක් තමයි ගයාන් අයත් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන තියෙනවද කියන දේ.ඉතින් පූජනී ගැන අහපු අවස්ථාවකදි ගයාන් කියලා තිබ්බෙ මේ වගේ කතාවක්.
“මගේ ජීවිතය සාර්ථකත්වය අරන් ආව කෙනෙක් තමයි පූජනී කියන්නේ.මගේ කලා ජීවිතය සමීපම කෙනා එයා.මගේ අදහස්වලට එයාගේ අදහස් ගැලපෙනවා ඒ වගේම මගේ හොඳම මිතුරියක් සහෝදරියත් එයා තමයි.විවාහයට සුදුසුයි කියලා හිතුනොත් පූජනී එක්ක විවාහ වෙනවා. “
ඒ විදියට අදහස් දක්වන ගයාන්ට පූජනී හම්බවෙන්න 2019 වර්ෂයේ හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ එකට රඟපෑම් කටයුතු කරද්දි.සෑම අවස්ථාවකදීම ඇය ගයාන්ව දිරිමත් කරලා කලා ක්ෂේත්‍රයේ තව තව නිර්මාණ වලට ඔහුව යොමු කරනවා කියලා ගයාන් හරිම ආදරෙන් මතක් කළා.
ඉතින් ගයාන් හිතන පතන ආකාරයෙන් පූජනී ඔහුගේ ජීවිතයට හම්බ වෙච්චි හොඳම සහකාරිය වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු