Gossip Lanka

ගොඩක් දෙනෙක් මට කියනවා අනේ ඔයා දේශපාලනයට එන්නකො කියලා

පසුගිය කාල සීමාව තුළ කොයි කවුරුත් අතර ආන්දෝලාත්මක කතාබහකට ලක් වූ චරිතයක් තමයි ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින වශයෙන් මේ වර්ෂයේ පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය. ඇය මේ තරගය නිසාම සමාජය තුළ නිතරම කතාබහට ලක් කෙරුණු චරිතයක් බවට පත්වුනා.

ඒකට මූලිකම හේතුව ඇය සැමියාගෙන් දික්කසාද වුණු කාන්තාවක් යැයි පවසා කිරුළ ඇගේ හිසෙන් නැවත වතාවක් ගැලවීම නිසයි. නමුත් ඇය තාමත් දික්කසාද නැහැ කියලා පුෂ්පිකා ඔප්පු කිරීමෙන් අනතුරුව ආයෙමත් වතාවක් ඒ කිරුළ ඇයට ලැබෙනවා. ප්‍රසිද්ධියේ ගලෝපු මේ කිරුළ පිළිබඳව අපේ රටේ විතරක් නෙවෙයි විදෙස් රටවල් වල පවා ඒ සිදුවීම කතාබහ කරලා තිබ්බා.

2010 වර්ෂයේ දී මිස් ශ්‍රී ලංකා තරගයට තරග වැදුණු පුෂ්පිකා ට ඒ තරගය ජයග්‍රහණය කරන්නට නං අවස්ථාව උදා වුණේ නැහැ. නමුත් ඇය තරයේ හිතා ගන්නවා ලු කවදහරි දවසක පරාජය වුණාට කොහොමහරි දිනනවාමයි කියලා. ඉතින් ඒ අධිෂ්ඨානය යථාර්ථයක් බවට පත් කරමින් ඇයට ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ වශයෙන් කිරුළු පළඳින්නට අවස්ථාව උදා වුණා.

කිරුළ නැවත වතාවක් පැළඳ වූ අවස්ථාවේ දී මාධ්‍ය ඉදිරියට එන පුෂ්පිකා සඳහන් කරනවා  ඇය ඉදිරියේ දී දේශපාලන වේදිකාව තුළ දකින්නට ඉඩකඩ ලැබෙයි කියලා. ඉතින් ඒ පිළිබඳව කතාකරද්දී පුෂ්පිකා සඳහන් කරන්නේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ඇය දේශපාලනයට එන්නෑ කියලත් දුප්පත් ජනතාවට සේවය කරන්න ඕනි නිසා දේශපාලනයට එන්නේ කියලත්.

ඒ වගේම තමයි ඉතින් පහුගිය  ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පොලොන්නරුව දිස්ත්රික්කයේ ලොකු වැඩ කොටසකට ඇය දායක වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොලොන්නරුව අවට ජීවත්වන ආදරණීය ජනතාව ඇයට මේ වන විටත් ඉල්ලීම් කරනවාලු දේශපාලනයට එන්න කියලා.

ඒ ඉල්ලීම් එක්කම ඇගේ හිතේ දේශපාලනයට එන්න ඕනි කියන චේතනාවක් තියෙයි කියලා පුෂ්පිකා සඳහන් කළා. කෙසේ නමුත් පසුගිය දිනක ඇය තමන්ගේ ආදරණීය පුතාගේ උපන් දිනය වෙනුවෙන් ඉතාමත් අන්ත අසරණ දුප්පත් පවුලකට නිවසක් තනා දීමට අවශ්‍ය කරන මුදල් ලබා දුන්නා.

විවිධ සමාජ මෙහෙවර වල නිරත වෙලා ඉන්න පුෂ්පිකා ඉදිරියේදී දේශපාලනයට පිවිස සියලුම දෙනාට යහපතක් කරන්නට ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු .