Siri Lankawa

Web Postal

විශ්වාස කරන්න මට ආයෙම ආදරයක් දැනුනා.මේ ආදරයට මම හරිම ලෝබයි මම දැන් නිදහස් කෙල්ලෙක්

පුෂ්පිකා ද සිල්වා කියන්නේ විවාහක රූ රැජන තරගාවලිය පටන් ගත්තු දවසේ පටන්ම ගොඩක්  දෙනෙක්ගේ කතාබහට ලක්වෙච්ච චරිතය.එදා ඇය ශ්‍රී ලංකා රූ රැජින රැජින කිරුළ දිනා ගත්තට පස්සේ ඇය විසුන් නිති කඩ කළා කියන චෝදනාව මත නැවත වතාවක් ඒ කිරුළ ඇයගෙන් ගිලිහුනා.

හැබැයි ආයෙමත් සැරයක් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් ඇයට මේ කිරුළ ලබාගන්න හැකියාව ලැබුණා. ඉන් අනතුරුව ඇයව විශ්ව රූ රැජින  තරගාවලිය නියෝජනය කරන්නේ ගියපු අවස්ථාවකදී අවස්ථාවකදීත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. තුළින් නම් ඇයට ජයග්‍රහණයක් ලැබුනේ නැහැ.

කෙසේ නමුත් ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තනි මවක් විදිහට තමන්ගේ ආදරණීය පුතත් එක්ක ජීවිතේ ගතකරන ඇය අසරණ දුගී දුප්පත් ජනතාවට උදව් උපකාර කරන්නත් අමතක කරන්නේ නැහැ.ඒ වගේම තමයි පසුගිය කාල සීමාවේදී පියුමි හංසමාලි සහ පුෂ්පිකා අතර ලොකු ගැටුමක් ඇතිවුණා.ඒ ගැටුම සමාජ මාධ්‍ය හරහාම දෙදෙනාම දෙදෙනා ම දිගින් දිගට ඇදගෙන ගියා. එනිසා නැවත වතාවක් ප්‍රසිද්ධ වෙච්ච පුශ්පිකා තමන්ගේ මුහුණු පොතේ හරි අමුතු සටහනක් එකතු කරලා තිබ්බා.

ඇය මේ සටහන තුළ තුල එකතු කරල තිබුනෙ හරි ආදරණීය කතාවක් ඒ ආදරයක් ගැන.ස්වාමිපුරුෂයාගෙන් වෙන් වෙලා මේ වෙද්දි තනිකඩ ජීවිතයක් ගත කරන ඇය ඇයට දැනුණු ඒ ආදරය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

” විශ්වාස කරන්න

පලවෙනි වතාවට ආයෙම මට ආදරයක් දැනුනා

ඇත්තටම ඒ ආදරය ළඟ මට නිදහසක් දැනුනා.

කාලෙකින්…

මම ඒ ආදරය ලඟ සතුටු වුණා

පලවෙනි වතාවට මම හදවතින්ම හිනා උනා…

ඒ ආදරය තමයි “..මම..”

මම තරම් මාව දන්නෙ කවුද?

මම තරම් මාව තේරුම් ගන්නෙ කවුද?

මම තරම් මාව දරා ගත්තෙ කවුද?

මම තරම් මාව සැනසුවේ කවුද?

තනි නොතනියට මාත් එක්කම අඬලා, මාත් එක්කම හිනා උනේ කවුද?

විනිශ්චයකින් තොරව මගේ ළඟ හිටියේ කවුද?

ඒ “..මම..” විතරයි

ඉතින් 

ඒ ආදරයට මම හරි ලෝබයි

මම නිදහස් කෙල්ලෙක් දැන් 

මම ආදරවන්තියක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *