Gossip Lanka

වාචාල කටක් මට තියෙන්නෙ මගෙත් එක්ක කතා කරලා බේරෙන්න බැහැ

පිංපොං හෙවත් රජිත හිරාන් චාමිකර කියලා කියන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ටත් සිනමාවටත් ඒ වගේම වේදිකා නාට්‍යයටත් විශාල කාර්යභාරයක් ඉදිකරපු දක්ෂ කලාකරුවෙක්. 2001 වර්ෂයේදී  පිං පොං කියන චරිතය හරහා ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වන රජත  ඊට පස්සේ අපිට තට්ටු ගෙවල් නාට්‍යය තුළින් ද දැකබලා ගන්නට අවස්ථාව උදා වුණා.

පිං පොං කියන චරිතය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුන නිසා ඔහුට උදේකාන්ත වර්ණසූරිය සහ රෝයි ද සිල්වා කියන්නා වූ දක්ෂ ශිල්පීන් එක්ක වැඩ කටයුතු කරන්න නිර්මාණයන්ට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා. මෑත කාලයේදී අපිට පුංචි තිරයෙන් ඔහුව නිතර දැක බලා ගන්නට අවස්ථාව ලැබුණේ නැහැ.

ඉතින් ඔහු පිළිබඳව හොයලා බලද්දි අපිට ආරංචි වෙච් කතාවක් තමයි නැවත වතාවක් රජිත ඉගෙන ගන්න සූදානම් වෙලා කියලා. ඔහුට පුංචි කාලේ නම් විවිධ හීන තිබිලා තියෙනවා. ඉගෙනීම පැත්තෙන් ගොඩක් දේවල් ඔහුට සාර්ථක කරගන්නට බැරි වෙලා තියෙන්නෙ පිට පිට ආපු රංගන කටයුතු නිසා කියලා රජිත කිව්වා. ඊට පස්සේ ඔහු විවාහක බිරිඳ සමඟත් සාකච්ඡා කරලා නැවත වතාවක් අධ්‍යාපන කටයුතු කරන්න  යොමු වුණා.

 මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන ඔහු  එය උපාධිය දක්වා කරන්න සූදානම්. ඒ වගේම තව යට ගියපු බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරගන්න ඔහුට ආසාවක් තියෙනවා. ඒ පිළිබඳව රජිත අදහස් දැක්වුවේ මේ විදියට.

දැන් බලන්න මගේ කට හරිම සැරයිනේ.නිකං වාචාල කටක්නේ මට තියෙන්නෙ. බොහෝ අයට මගෙත් එක්ක කතා කරලා බේරෙන්න බෑ. ඒකත් එක්ක එදා නීතිඥ වෘත්තිය  තෝරගන්න කියලා බොහෝ දෙනා කිව්වා. ඒ හීනේ මග ඇරුනා. නීතිඥයෙක් වෙන්න ඉගෙන ගන්න තමයි ඊළඟ අදහස. ඒත් මගේ බලාපොරොත්තුවක් නෑ නඩු කතා කරන්න.

ඒ වගේම ඉදිරියේ දී ඔහුගේ නමට ඉදිරියෙන් නීතිඥ කියන කෑල්ල තියෙන්න ඉඩ තියෙනවා කියලත් රාජිත සඳහන් කළා. වසංගත කාලසීමාව තුළදී කොයි කවුරුත් ඉතාමත් අමාරු කාලයකට තමයි මූනදුන්නෙ. නමුත් රජිතගේ බිරිඳ ඒවගේම ඔහුට  යම් කිසි මට්ටමක ස්ථාවර  ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගන්නට කල්තියාම හැකියාව ලැබිලා තියෙනවා.

රජිතට හොඳට උයන්නත් පුළුවන්. බිරිඳ වැඩට යද්දි ගෙදර දොරේ හැම වැඩක්ම කරන්නේ ඔහු. බිරිඳ මේක කරන්න ඕනි මං මේක කරන්න ඕනේ කියලා වැඩ බෙදාගෙන නැහැ කියලත් ඔහු සඳහන් කළා. කොහොම නමුත් මේ කාලසීමාව තුළදී නිර්මාණයන් වලට සම්බන්ධ වුණේ නැත්තේ රටේ පවතින තත්වය නිසා වුණත් ඉදිරියේදී අලුත්ම නිර්මාණයන් කීපයකින් ප්‍රේක්ෂකයා හමුවට එන්න ඔහු බලාපොරොත්තුවෙන්.

ඉතින් ගොඩක් දෙනෙක් සිනහවෙන් මුසපත් කෙරූ මේ සොඳුරු කලාකරුවා ගේ ඉදිරි ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.