Gossip Lanka

මම දළදා පෙරහරේ බටනලා සහ බෙර වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කළා රාළහාමිගේ සැබෑ ජීවිතය

නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය නිසා ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට අපි මීට පෙර නොදැක්ක  මුහුණු රැසක් ම දායාද වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහර රංගන ශිල්පීන් ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධ වුණේ ඔවුන්ගේ සැබෑ නමින් නෙවෙයි. ඉතින් මේ විදිහට ප්‍රේක්ෂකයන් අතර රාලහාමි කියන නමින් ප්‍රසිද්ධ වෙච්ච චරිතයක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ රාළහාමිගෙ චරිතය නිරූපණය කරන දුලාංජල පෙරේරා යි.

මේ සොඳුරු චරිතය ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සුන්දර මතක සටහන් සහ තොරතුරු කීපයක් පිළිබඳව පුවත්පතකට අදහස් දක්වලා තිබුණා. ඉතින් එයින් කීපයක් තමයි අපි ඔබත් සමග හුවමාරු කරගන්න  බලාපොරොත්තු වෙන්නේ.  රාලහාමි කියන චරිතය කතාවට පන්සලත් එක්ක බොහෝම ලැදි චරිතයක් විදියට තමයි විකාශය වෙන්නේ. ඉතින් සැබෑ ජීවිතයේදීත් ඔහු පන්සලත් එක්ක කටයුතු කරන කෙනෙක්ද කියලා අහපුහම දුලංජල අදහස් දැක්වූයේ මේ විදිහටයි.

“මම පන්සලට බොහොම සමීපයි හිතමිත්‍ර ස්වාමීන් වහන්සේලා බොහොමයක් මට ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලා එක්ක හොඳ බැදීමක් මට තියෙනවා පහුගිය කාලේ දි හිමිවරු පිරිසකට මම බෞද්ධ ආගමික ප්‍රසංගයකට ඉන්දියාවේ කළ සංචාරයකට මාවත් සහභාගී කර ගත්තා. නාඩගම් කාරයෝ නාට්‍යයේ රාළහාමි චරිතය කරන්නත් මට ඒ දේවල් ප්‍රයෝජන වුණා. අපේ ගමේ පන්සලට තමයි වැඩිපුර මම යන්නේ ලංකාතිලක රජ රජමහා විහාරයටත් ලැබෙන අවස්ථා අවස්ථාව යනවා.”

රාළහාමි ගැන කතා කරද්දී ඔහු සාමාන්‍ය පවුලක හැදී වැඩෙන කෙනෙක් තාත්තා පුද්ගලික අංශයේ රැකියාවක් කරන අතර අම්මා නර්තන ගුරුවරියක්. ඒ වගේම ඔහුට තවත් ආදරණීය එක් සහෝදරයෙක් ඉන්නවා. රාලහාමිගේ මූලිකම වෘත්තිය තමයි දන්න කාලේ ඉඳලම වේදිකාව සහ කලාවත් එක්ක කටයුතු කරන එක. ඒ පිළිබඳව ඔහු අදහස් දැක්වූයේ මේ විදියටයි.

“දන්න කාලේ ඉඳලම වේදිකාව සහ කලාව තමයි මම කළේ මම නර්තන ශිල්පියෙක්. දළදා පෙරහරේ  බෙර සහ බටනලා වාදන ශිල්පියෙක් ලෙස මම කටයුතු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපති සම්මාන පවා මට ලැබිලා තියෙනවා. රඟපෑමට අමතරව මම මේ වන විට  ටෙලි නාට්‍යය සහාය අධ්‍යක්ෂණයට දායක වෙනවා. නාඩගම් කාරයෝ නාට්‍යයේ දෙවැනි සහාය අධ්‍යක්ෂක ලෙස වැඩ කරන්නෙත් මම.”

උතුම් දළදා පෙරහරේ  කලා ශිල්පියෙක් විදිහට නියෝජනය කරමින් සහභාගි වෙලා තියෙනවා නං ඒක කොයි  තරම් පිනක්ද.  ඉතින් මේ අවස්ථාව ඔහු  හිමිකරගෙන තියෙනවා. ඒ වගේම තමයි රාලහාමි ගැන කතා කරද්දි පොළොවෙ පය ගහල ජීවත් වෙන අපූරු චරිතයක් විදිහට ඔහුව හඳුන්වන්න පුළුවන්. මේ වන විට ආදරණීය පෙම්වතෙක් විදිහට කටයුතු කරන ඔහු ඉදිරියේ දී විවාහ වෙන්නත් සූදානමින්.

එනිසාම ඔහු අනාගතයේ හිතන පතන සියලුම වැඩ කටයුතු වැඩකටයුතු එයාකාරයෙන්ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.