Siri Lankawa

Web Postal

තනිකඩ ජීවිතය හොඳයි විවාහයේදී මම එක තැනකදී අසාර්ථක වුණා.ආයෙ හදිසි තීරණ ගන්නේ නැහැ

දක්ෂ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් විදියටත් ඒ වගේම නව අධ්‍යක්ෂ වරයෙක් ලෙසත් කලාවට එන ඔහු   කඩවසම් රංගන ශිල්පී රනිල් කුලසිංහයි.පසුගිය කාල සීමාවේදී ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වැඩ වෙච්ච ටෙලිනාට්‍ය කීපයක්ම අපට බලන්න අවස්ථාව උදා වුණා.එ අතරින් පානා මංකඩ වලවෙට්ටුවා  කියලා නිර්මාණ ප්‍රධාන තැනක් ගන්නවා.

ඉතින් අධ්‍යක්ෂක වරයෙක් උනාට ඔහුගේ විශේෂත්වය තමයි කිසිම දවසක රනිල් තමන් අධ්‍යක්ෂණ කාර්‍යෙන් දායකවන ටෙලි නිර්මාණවල චරිතයකින් රංගනයෙන් දායකත්වය නොදැක්වීම. ඒ ඇයි කියලා අහපුවාම ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“මේ තරම් අධ්‍යක්ෂණය කරපු නාට්‍යවල මම රඟපාලා නෑ.මම අධ්‍යක්ෂණය පටන් ගද්දිම දාගන්න වාරණයක් තමයි මගේ නිර්මාණ වල රංගනයෙන් දායක වෙන්නේ නැහැ කියන එක.අධ්‍යක්ෂණය කියන්නේ ලොකු වගකීමක් කරන දෙය අවංකව හරියට කරන්න නම් මම නළුවා කියන තැනින් අයින් වෙන්න ඕනි’

අන්න ඒ නිසා තමයි ඔහුගේ නිර්මාණ වලින් රංගන ශිල්පියෙක් විදියට අපිට ඔහුව දකින්න ලැබෙන්නේ නැත්තේ. ඒ වගේම තමයි මීට ටික කාලයකට කලින් රනිල් විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වෙච්ච මේනකා පීරිස් සමග.හැබැයි මේ වෙද්දි නම් මේ දෙන්න විවාහයෙන් වෙන් වෙලා ඉන්නේ.ඒ ගත්ත තීරණය සහ තනිකඩ ජීවිතය ගැන රනිල් කිව්වේ මේ වගේ කතාවක්.

“තනිකඩ ජීවිතය හරිම පහසුයි.පෞද්ගලික ජීවිතය සහ කලා ජීවිතය ගත්තහම ඇති වීම් නැති වීම් කියන දේවල් සිද්ධවෙලා තියෙන්නේ එක දෙයක් නෙමෙයි.ගොඩක් දුරට ඉදිරියේදී ජීවිතය වෙනස් වෙන්න පුළුවන් හැබැයි ජීවිතයේ හදිසි තීරණ ගන්නේ නැහැ. විවාහයේදී මම එක තැනකදී අසාර්ථක වුණා ඒ ගැන හැරිලා නැවත හිතන්නවත් කළකිරීමක් වත් මට නැහැ හැමදේම කාලය විසින් විසඳාවි කියලා මම විශ්වාස කරනවා”

ඕන විදිහට තමයි ඔහු කලාව සහ පෞද්ගලික ජීවිතය ගැන අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ කොහොම නමුත් අවසානයේ රනිල් කිව්වේ අධ්‍යක්ෂණය පැත්තෙන් හොඳ නිර්මාණ කරන්න ඒ වගේම ඒ පිළිබඳව වැඩිදුරටත් ඉගෙන ගන්න ඔහු විදේශ රටකට ගිහින් හැදෑරීමක් කරන්න ඕනි කියලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *