Gossip Lanka

බලෙන් සම්මාන අරගෙන ගෙදර තියාගන්න ලැජ්ජයි රිතූ ආකර්ශා කියන අමුතු කතාව

රංගන ක්ෂේත්‍රය තුළ ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතර ආදරය සහ ප්‍රසිද්ධිය දිනාගත්තු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි රිතු ආකර්ෂා කියලා කියන්නේ. අපිට ඇයව මේ දවස් වල වැඩිපුරම දැක බලා ගන්නට අවස්ථාව උදාවෙන්නේ සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යය තුළින්.

ක්ෂේත්‍රය තුළ ඉන්න බොහෝ නළු නිළියන් තමන්ට කරන්න ලැබෙන දේවල් පිළිබඳව සතුටට පත් වෙන්නේ නැහැ. ඉතින් රිතු කියන්නෙත් ඒ වගේ තමන්ට ලැබුණු අවස්ථාවන් ගැන සතුටක් නැති කෙනෙක් ද කියලා අහපුවාම ඇය උත්තර දුන්නේ මේ වගේ උත්තරයක්.

මට නිර්මාණයක් වෙනුවෙන් තව මහන්සි වෙන්න පුළුවන්. අද්‍යක්ශකවරු මගේ හැකියාවෙන් තවම හරි ප්‍රයෝජනයක් අරගෙන නැහැ කියලා මට හිතෙන්නේ  තව හොඳ නිර්මාණවලට මගේ හැකියාව යොදා ගන්නවා නම් හොඳයි. මට මං ගැන විශ්වාසයක් තියෙනවා. මට තව රංගනය කරන්න පුළුවන් දේවල් තියෙනවා. මගේ පෙනුම බටහිර පන්නයට හුරු නිසා සමහරු හිතුවෙ මට ගැමි චරිත කරන්න බෑ කියලා. නමුත් මම ඒවගේචරිත කරන්න පුළුවන් කියලත් පෙන්නුවා.

ඇය තමන්ට ලැබුණු අවස්ථා පිළිබඳව අදහස් දැක්වූයේ ඒ ආකාරයෙන්.  රිතූ කලා ක්ෂේත්‍රයට ඇවිදින් මේ වෙද්දි අවුරුදු දහයක් විතර ගත වෙලා. ඇයට තවමත් සම්මානයක හිමි කාරිනියක් වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ පිළිබඳව හදවතේ තියෙන හැඟීම් අදහස් බවට පත් කළේ ඇය මේ අයුරෙන්.

ඕන කෙනෙක්ට බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන් සම්මාන ගැන. මටත් ඒ බලාපොරොත්තුව තියෙනවා හැබැයි හදිසියක් නැහැ. සුදුසු වෙලාවක මටත් සම්මානයක් ලැබෙයි. බලෙන් සම්මාන ගන්න නම් මගේ කිසිම සූදානමක් නැහැ. එහෙම සම්මාන අරන් ගෙදර ඒ සම්මානය තියෙන්නත් මට ලැජ්ජයි.

ඒ විදිහට අදහස් දක්වන රිතූ සඳහන් කරන්නේ සම්මාන නොලැබුනත් ස්වර්ණා මල්ලවාරච්චි වැනි රංගන ශිල්පිනියක් වෙන්න ඇයට අවස්ථාව උදා වුණොත් ඒ හොඳටම ඇති කියලයි. ඒ වගේම රංගන ශිල්පිනියක් වීම සම්බන්ධයෙන් රිතූ ඉන්නේ ගොඩක් ගොඩාක් සතුටින්. ප්‍රේක්ෂකයන් පිනවන පුළුවන් ඒ ආදරේ ලබන්න පුළුවන් රැකියාවන්  තියෙන්නේ බොහෝම අතළොස්සයි ඒ අතරින් ඒක වෘත්තිය කර ගන්නට ලැබීම පිළිබඳව ඇය ගොඩාක් සතුටෙන් ඉන්නේ.ඉතාමත් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන රිතූ තාම ආදරය පිළිබඳව නම් වැඩිදුරටත් කතා කරන්නේ නැහැ. ඒ කෙසේ නමුත් ඉදිරියේදී ඇයට ම හිමි සුන්දර ආදරයක් හිමි වේවා කියා අපි හදවතින්ම මේ සොඳුරු කලාකාරිණිය ට සුභ පැතුම් එක් කරන්නෙමු.