Gossip Lanka

මගේ අම්මා හරිම අහිංසක කෙනෙක් එයා අපිට කන්න දීලා මුට්ටිය හූරගෙන කනවා මං මගේ ඇස් දෙකෙන් දැක්කා

ආචාර්ය රෝහණ වීරසිංහ කියන්නේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ බොහෝ කාර්‍ය භාරයක් ඉෂ්ට සිද්ධ කරපු වටිනා සංගීතඥයෙක්. විටෙක ගායකයෙක් විදියටත් තවත් විටෙක සංගීතය හරි අපූරුවට හසුරවන පඬිවරයෙක් විදිහටත් මේ සුන්දර චරිතය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නවක ගායක ගායිකාවන් රැසකට ක්ෂේත්රය තුළ ස්වකීය අනන්‍යතාව ගොඩනංවා ගැනීම සඳහා මේ සුන්දර නිහතමානී කලාකරුවා නිරන්තරයෙන්ම තමන්ගේ දැනුම ඔවුන්ට ලබා දුන්නා.

වර්ෂ එක්දහස් නවසිය හතළිස් නවයේ දී මාතර ප්‍රදේශය උපත ලබන ඔහු හරිම සරල ගැමි ජීවිතයක් ගත කරපු පොළොවෙ පය ගහලා ජීවත් වන නිහතමානී පුද්ගලයෙක් කිව්වොත් නිවැරදියි. රෝහණ වීරසිංහ මහත්මයා හැදෙන්නේ විශාල සාමාජිකයන් පිරිසක් ඉන්න පවුලක. ඒ කොයි කාටත් අතරින් වයසින් අඩු ඔහුට නිරන්තරයෙන්  එදා ඉඳන් අද දක්වාම නෑදෑ හිත මිතුරන් ගෙන් පවා ආදරය රැකවරණය වැඩිපුර ලැබිලා තියෙනවා.

“ගෙදර හැමෝම මං ලව්වා සින්දු කියලා සතුටු වෙනවා නෑදෑයෙක් ආපු හමත් සින්දු කියන්න කියලා කියනවා.ඒකාලේ ඉස්කෝලෙදී සින්දු කිව්වා පන්සලේදී සින්දු කිව්වා ඒ වගේ ගායනයට මම හරිම දක්ෂතාවයක් දැක් වූවා.ඒත් තාත්තා කවදාවත් ෂා පුතේ ලස්සනයි සිංදුව කියලා ඔලුව අත ගාන්නේ නැහැ. ඒත් එයා ටවුන් එකට ගිහාම සිංදු පොතක් ගේන්න අමතක කරන්නෙත් නැහැ.තාත්තා ඒ විදියට තමයි මට ඒ ආදරේ පෙන්නුවේ.”

ඉතින් මේ සුන්දර කලාකරුවා පුංචි කාලෙදි ආදරණිය අම්මගෙන් තාත්තගෙන් ලැබුණු ඒ සහයෝගය මත තමයි දක්ෂතාවයන් කුසලතාවයන් මුවහත් කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් සාමාජිකයන් ඉන්න පවුලක් නිසා ඔවුන්ට අගහිගකම් උනත් ඕනවටත් වඩා තිබුණු කාලයක් තිබ්බලු නමුත් ඒ සියලුම දේවල් දරුවන්ට දැනෙන්න නොදී විසඳ ගන්න හැම වෙලාවෙම කටයුතු කරලා තියෙන්නේ රෝහණ වීරසිංහයන්ගේ ආදරණීය මෑණියන්. ඉතින් ඔහු ඒ මතකය පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහටයි.

“අම්මා හරිම අහිංසකයි අම්මා හරිම කරුණාවන්තයි.පොත්පත් වල අපි දැකලා තියෙන දේවල් අපි ඇස්  දෙකෙන්ම දැකලා තියෙනවා ගෙදරදි.අම්මා ඔක්කොටම කන්ඩ දීලා හට්ටියට බත් ටික දාල හූරගෙන කන විදිහ අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා’

ඉතින් අන්න ඒ විදිහට තමයි ඔහුගේ ආදරණීය මෑණියන් මේ ආදරණීය දරුවන් උස් මහත් කරලා තියෙන්නේ. ඉතින් ඒ සංවේදී අතීතය ඔහු මතක් කරල තිබුනෙ තිබුණ එක්තරා ගුවන් විදුලි වැඩසටහනක සාකච්ඡාවකට සහභාගි වෙමිනි. කෙසේ නමුත් අද වන විට ඔහු මුළු ලොවක් දන්න දක්ෂ සංගීතඥයෙක් විදිහට  හඳුන්වන්න පුලුවන් පුද්ගලයෙක්. එනිසාම ඔහුගේ ඉදිරි කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.