අපේ ගෙදරට අපි වැඩකාරයෝ ගන්නෙ නැහැ අපි දෙන්නා තමයි ගෙදර පිරිසිදුව තියාගන්නේ
එදා වගේම අදටත් රිදී තිරයේ බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත් සිහින කුමාරයා බවට පත් වුණේ ඔහුයි.ඒ වගේම නිරන්තරයෙන්ම පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තු මේ සුන්දර කලාකරුවා ඒ ආදරය අදටත් ලබන්න තරම් වාසනාවන්තයි.ඒ වෙන කවුරුත් නෙවෙයි රොෂාන් රණවන රංගන ශිල්පියායි.
ඔහු කොයිතරම් ජනප්‍රියත්වයේ ඉහළටම ගිය පුද්ගලයෙක් වුණත් එදා ඉස්කෝලේ යන කාලේ ඉදන්ම හදවතින්ම ආදරේ කරපු ආදරණීය පෙම්වතිය ම තමයි අවසානය තමන්ගේ බිරිඳ බවට පත් කර ගත්තේ.කොහොම හරි මේ දෙන්නා විවාහ වෙලා ටික කාලයක් යද්දි ආදරණීය පුතෙකුගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.
රොෂාන් කියන්නේ රිදී තිරයේ නිර්මාණ වලට නිතරම එකතු වෙන කෙනෙක් නිසා හැම වෙලාවෙම රූගත කිරීම් එක්ක ඔහු කාර්යබහුල වෙලා නැහැ.ඒ වගේම තමයි විවේකයක් ලැබුණු සෑම අවස්ථාවකදීම රොෂාන් කරන්නේ ගෙදර වත්ත පිටිය ලස්සනට තියා ගන්න උත්සහ කරන එක.ඔහු කියන්නේ ඔහු ඒ වගේ පරිසරයත් එක්ක කරන වැඩ දේවකාරියක් වගේ හිතලලු කරන්නේ .
“කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මේ ගෙවුණු අවුරුදු හතටම අපි මෙහෙ කාරයන්ගෙ සේවය ලබාගෙන නැහැ.ඒ වගේම ඉදිරියේදී ලබා ගන්නවා කියලා බලාපොරොත්තුවකුත් නැහැ.ගේ දොර අස්පස් කරලා පිරිසිදුව තියාගන්නේ අපි දෙන්නම තමයි. උයන පිහින ඒවා කුෂ්ලානී අම්මත් එක්ක බෙදාගෙන කරනවා. මම පුළුවන් විදිහට දෙන්නටම උදව් කරනවා.ගෙදර වත්ත පිටිය ලස්සනට තියා ගන්න උත්සාහ ගන්න නිසා මේ වැඩ වල නිරත වෙන්න ඒක දේවකාරියක් විදිහට හිතලා”
ඉතින් ඒ විදිහට අදහස් දක්වන රොෂාන් අවසානය කිව්වේ ඔහුගේ ආදරණීය බිරිඳගේ අදහස් සහ ඔහුගේ අදහස් නිතරම ගැලපෙන නිසා කිසිම ගැටලුවකින් තොරව හරිම සතුටින් පවුල් ජීවිතය ගත කරනවා කියලයි.ඉතින් ඒ සතුට හැමදාමත් ඔවුන්ගේ පවුල තුළ රැදේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.