Gossip Lanka

මගේ දරුවෝ  ඉල්ලන දේවල් දෙන්න බැරි වෙන කොට මට දුකයි කබලෙන් ලිපට වැටුණා වගේ උනේ.

ජනප්‍රියත්වය පසුපස හමා යන රංගන ශිල්පීන් ශිල්පිනියන් අතර ප්‍රේක්ෂකයාට හොඳම නිර්මාණයක් ලබා දෙන්න ඕනේ කියලා කියන චේතනාව හරහා හැම විටම සාම්ප්‍රදායික කලාවකින් ඔබ්බට ගියපු චරිත හරහා පුංචි තිරයෙන් රසිකයන් හමුවට ආ මේ සුන්දර සම්මානනීය රංගන ශිල්පියා තමයි රොෂාන් රවීන්ද්‍ර කියන්නේ. එක්තරා අවස්ථාවකදී සම්මානනීය රංගන ශිල්පියෙක් විදියටත් තවත් අවස්ථාවකදී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් ඔහුව අපිට හඳුන්වන්න පුළුවන්.

ආදරණීය වස්සානය චිත්‍රපටයේ හිරිමල් වයසේ පසුවන පෙම්වතෙක් විදිහට කසුන් කියන චරිතය හරහා ප්‍රේක්ෂකයා හමුවට ආපු ඔහු සහෝදරයා,උතුවන් කන්දේ සූර සරදියෙල්,වීරයා ගෙදර ඇවිත් වැනි ටෙලි නාට්‍ය රැසකටම රංගනයෙන් දායකත්වය දුන්නා. ඔහු පිළිබඳව නිතර නිතර පුවත්පත්වල ලිපි පළවෙනවා අපි දැකලා නැහැ.මොකද ඒකට මූලිකම හේතුව ඔහු පුවත්පත් ලිපි වලට කතා කරන්න ලොකු කැමැත්තක් දක්වන්න නැති නිසයි.මොකද එහෙම කළොත් ගොඩක් අය හිතනවාලු අපි දුක මාකට් කරන්න හදනවා කියන දේ. නමුත් කලාකරුවෙක් විදිහට ඔහු අද වන විටත් ආර්ථික අතින් වත් පොහොසත්කම් ඇති කෙනෙක් නෙවෙයි. ඔහුගේ අද තත්වය ගැන රොෂාන් කිවුවෙ මේ වගේ කතාවක්.

වසංගත කාලසීමාවේ ඉදන්ම කලාකරුවන් හොඳ තැනක නෙවෙයි හිටියේ. ඊට පස්සේ රටේ පැමිණි ආර්ථික අර්බුදයත් එක්ක කර කියාගන්න   දෙයක් නැතුව කබලෙන් ලිපට වැටුනා වගේ වුනා.කෙටියෙන් කිව්වොත් අපි එදිනෙදා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටිය අය නොවන නිසා පහුගිය අවුරුදු දෙකේම හරියට වැඩක් කරන්න ලැබුණේ නැහැ.ජීවත් වෙන්න ඕනේ නිසා මම අලුත් ටෙලි නාට්‍යයක රඟපාන්න සම්බන්ධ වුණා එකේ කොටස් කිහිපයක් විතරයි තවම රූගත කළේ. මම මගේ අලුත් නාට්‍යයටත් සූදානම් වෙමින් ඉන්නවා නිෂ්පාදකවරු සොයා ගන්නත් අපහසුයි මේ දවස් වල”

ඒ විදිහට අදහස් දක්වන රොෂාන් සඳහන් කරන්නේ ඇත්තටම මේ තියෙන තත්වෙත් එක්ක දරු පවුල නඩත්තු කරන්න ඕනි නිසා ඔහුට විදෙස් ගතවෙන්න ඕනේ කියන තැනට ඔලුව හැදිලා තිබුණා ලු. රොෂාන් කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ ගියපු කෙනෙක් නෙවෙයි. ජීවිතේ නැති වෙන තුරුම ඔහු ඒ විදිහට දේශපාලනයට එන්නේ නෑ කියලත් සඳහන් කළා. මොකද  දේශපාලනය මුල් කරගත්තු කලාකරුවන් බොහොමයක් දෙනා අද වෙද්දී පරිහානියට ලක් වෙලා.ඉතින් ඒ  දේවල් එක්ක බලද්දි රොෂාන් රවීන්ද්‍ර කියන්නේ කවදාවත් පටු අරමුණු වෙනුවෙන් කලාව කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසාම වෙන්න ඇති ඔහුට කලාවෙන් සල්ලි පොදි ගහගන්න හම්බ කරගන්න අපහසු වෙන්න ඇත්තේ. අද වෙන විට  කලාව ගැන රොෂාන් කතා කරන්නේ ටිකක් කලකිරුණු ස්වභාවයෙන්. ඉතින් ඒ ගැන තවදුරටත් ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

මම දැන් අවුරුදු 10ක් තිස්සේ හොඳම නළුවාට එක්කෝ නිර්දේශ වෙනවා නැත්නම් සම්මානය හිමිකර ගන්නවා.ඒත් ආර්ථික මේ පැත්තෙන් අපි බොහොම හීනි තැනක ඉන්නේ. මගේ දරුවන් ඉල්ලන දේවල් දෙන්න මට බැරිවෙනකොට ඇයි මම මේ විෂය තෝර ගත්තේ කියන හැඟීම එනවා. ඒක තමයි මම කියන්නේ අපිට තිබ්බ හීන හැබෑ කරගන්න කොට ආර්ථික වශයෙන් අපි ඉන්න තැන අපේ වැරැද්දක් නෙවෙයි මේ රටේ වැරැද්දක් කියලා. ඉතිං මං කියන්නේ අවුරුදු විස්සක් විසිපහක් මම මේ ක්ෂේත්‍රය වෙනුවෙන් කැප කරලා මොනවද දරුවන්ට ඉතිරි කරලා තියෙන්නෙ කියලා හැබැයි ඊළඟ 25 ත් මම මේ වෙනුවෙන් කැප වුණොත් දරුවන් මට මොනවද නොකියන්නෙ”

මේ සුන්දර කලාකරුවා ඔහුගේ ආර්ථික  තත්ත්වය පිළිබඳව සහ කලාව පිළිබඳව ඒ විදියට තමයි සතියක පුවත්පතට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.කෙසේ නමුත් ආදරණීය දරුවන් සහ බිරිඳ සමඟ ඉදිරියට හොඳින් ජීවිතය ගත කරන්න ඔහුට වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නේමු.