Gossip Lanka

ගොඩක් අය මට කතා කරලා ගැමි කෑම කඩයක් දාන්න කියලා කිව්වා රසට උයන රුවන් කියන කතාව

මේ දිනවල පුංචි තිරයේ විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයක් හරහා ම දැකබලා ගන්න පුළුවන් සුවිශේෂී චරිතයක් තමයි ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රුවන් පෙරේරා කියන රංගන ශිල්පියා.ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ගුරුහරුකම් මැද කලා ලෝකයට පිවිසෙන ඔහු ජනප්‍රිය නළුවෙක් බවට පත් කිරීමේ කාර්යයේදී ජයප්‍රකාශ් ශිවගුරුනාදන්  මහතා ඒ වගේම සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා ආදී බොහෝ දෙනෙක් ඔහුට උදව් උපකාර කරලා තියෙනවා.

මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ආදරය ඔස්සේ විකාශය වන නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය හරහාත් දියණි ,ඉර හද පායන ලෝකේ ආදී විවිධ ආකාරයේ නිර්මාණවලින් රුවන්ව අපිට දැක බලා ගන්නත් අවස්ථාව ලැබෙනවා. නිරන්තරෙන් ම රුවන්ට ලැබෙන්නේ ටිකක් දඩබ්බර මැර චරිත ඒ ඔහුගේ පෙනුමට වෙන්නත් පුළුවන්. නමුත් ඒ ගැන රුවන් කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ මැර පෙනුම ස්වභාවය තියන චරිතම නෙවෙයි ඔක්කොම චරිත. ඉර හද පායන ලෝකේ නාට්‍යයේ  ටිකිරිරාල කියන්නේ අහිංසක අව්‍යාජ ගෑමියෙක්. අම්මට බොහොම ලෙන්ගතු බෙහෙවින්  නිවිච්ච චරිතයක් මම වෙනුවෙන් අම්මා බලාගෙන ගෙදරින් එළියට වත් යන්නෙ නැති ගැහැනු ළමයි වගේ කොල්ලෙක්.  ඒත් නාඩගම් කාරයෝ එකේ කැකුළා කියන්නේ අහසට පොළොව වගේ වෙනසක් තියන චරිතයක්”

ඒ විදිහට අදහස් දක්වන රුවන් මේ වන විට වෘත්තීය නළුවෙක් විදියට වැඩ කටයුතු කරනවා ඒ වගේම අපේ රටේ වෘත්තිය නළුවෙකුට ලැබෙන්නේ ඉතාමත් අඩු පහසුකම් කියලත් ඔහු සඳහන් කළා නමුත් ඒ සියලුම දේවල් එක්ක  ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන්න රුවන්ට හැකියාව තියෙනවා.

ගොඩක් දෙනෙක් දන්නේ නෑ මේ සුන්දර කලා කරුවාට රඟපාන්න විතරක් නෙවෙයි රසට ගැමි කෑම හදන්නත් පුලුවන් කියන දේ. ඇත්තටම පසුගිය කාලයේ අපි රූපවාහිනියෙන් දැක්කා කලුගඟ දිගේ කියන වැඩසටහන කරපු ජැක්සන් ඇන්තනි මහත්මයා  මේ වැඩසටහන අතරතුරදී ඔහුගේ නිවෙසට ආපුහාම ගයාන් විසින් ගැමි කෑම අති විශාල සංඛ්‍යාවක් හරිම රසවත් ව ප්‍රණීත ව පිසලා තිබුණු ආකාරය. ඉතින් මේ සම්බන්ධයෙන් ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

කොස්දෙල් සහ අල ගොබ මාලුව රසට මට උයන්න පුළුවන්. ජැක්සන් මහත්මයාගේ කලුගඟ දිගේ ප්‍රෝග්‍රෑම් එක බලපු අය මට කතා කරලා ගැමි කෑම කඩයක් දාගන්න කියලා කිහිප අවස්ථාවකදීම කිව්වා ඒත් දැනට මට එකට වෙලාවක් නැහැ. කොළබින් යද්දි මම තුන්මාසෙ මඤ්ඤොක්කා ලී කෑලි ටිකක් ගෙනිහින් අම්මයි මල්ලියි එක්ක පැල කළා. මාස තුනෙන් අල ගන්න අපිට අපිට හැකියාව ලැබුණා.”

ඒ විදියට අදහස් දක්වන ඔහු එක එක ජාතියේ හදන්න අපහසු කෑම පවා හරි සීරුමාරුවට ප්‍රණීත ව පිසින්න දන්නවා. ඒ වගේම ඉස්සරහට ගෙවල් දොරවල් වල වවාගෙන කාපු දෙයක් විතරයි අපිට කන්න ඉතුරු වෙන්නේ කියලත් ඔහු සඳහන් කරනවා.

කෙසේ නමුත් සරල සාමාන්‍ය ගැමියෙක් විදිහට ජීවත් වෙන්න උත්සාහ දරන මේ සුන්දර චරිතයට ජීවිතය දිනෙන් දින ම ජීවිතය  සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.