Siri Lankawa

Web Postal

ගොඩක් අය බලාගෙන ඉන්නේ අපි දෙන්නා වෙන් වෙනකන්.අපි දැන් විවාහ වෙලා අවුරුදු දහයක්

එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ අමා ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කෙරුව අමා කියන චරිතය නිසා අදටත් ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධ වෙලා ඉන්න ආදරණීය කලාකාරිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියන්නේ.ඇයව අමා ටෙලි නාට්‍යයෙන් පස්සේ නම් අපිට නැවත වතාවක් ටෙලි නිර්මාණත් එක්ක දැකබලාගන්න අවස්ථාව ලැබුණේ නෑ.

ඒ උනාට ඇය මියුසික් වීඩියෝ කීපයක් හරහා ම නැවත වතාවක් රංගනයෙන් දායකත්වය දැක්වූවා. ඉතින් කලාවට ආපු මුල් කාලෙදිම තමයි ඇයට රුවන් හෙට්ටිආරච්චි කියන ආදරණීය කලාකරුවා හම්බ වෙන්නේ.මේ හමුවීම සිද්ධ වෙන්නෙත් හරිම අහම්බයක් විදිහට.

රුවන් ගායනා කරපු එක ගීතයකට ශෙරිල් ඇමතුමක් ඇරගෙන ඔහුට හදවතින්ම සුබ පතනවා.ඊට පස්සේ තමයි  රුවන් තමන්ගේ ඊළඟ ගීතයේ මියුසික් වීඩියෝවට ඇයව තෝරා ගන්නේ.ඊට පස්සේ දැන හැඳුනුම්කම් මත මේ දෙන්නා ටිකෙන් ටික ගොඩක් සමීපව ආශ්‍රය කරන්න පටන් ගන්නවා.

හැබැයි ඒ වෙද්දි ෂෙරිල්ට විදෙස් ගත වෙලා ඉන්න පෙම්වතෙක් හිටියා.ඒත් රුවන් කිව්වලු දුර ඉන්න කෙනෙක්ට වඩා ළඟ ඉන්න කෙනෙක්ගෙ ආදරේ දැනෙනවා වැඩියි ඒ නිසා එහෙම කෙනෙක් ගැන හිතන්න කියලා.ඊට පස්සේ තමයි ඇය රුවන් ගැන හිතන්න පටන් අරගෙන ඒ සම්බන්ධය විවාහයක් දක්වා ගෙන යන්නේ.

අද සමාජ මාධ්‍ය ගත්තොත් රුවන් සහ ෂෙරිල් ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා.ඒ වගේම තමයි ගොඩක් අය කියනවා මේ දෙන්නා වෙන්වෙලා ජීවත් වෙන්නේ එහෙමත් නැත්නම් දෙන්නා ඩිවෝස් වෙලා ජීවත් වෙන්නේ කියන දේ.හැබැයි එදා වගේම අදටත් සතුටින් හොඳ අවබෝධයෙන් පවුල් ජීවිත ගත කරන  ෂෙරිල් සහ රුවන් මේ කටකතා එක්ක හරිම කණගාටුවෙන් පසුගිය කාලේ හිටියා.ඉතින් ඒ දේවල් ගැන ෂෙරිල් කිව්වේ මේ වගේ කතාවක්  

“ආදරය ඇත්තටම ලස්සන දෙයක්.ඒ ලස්සන වචනෙ ක්‍රියාවෙනුත් ඔප්පු කළොත් තමයි වඩාත් ලස්සන.මම සතුටින් ආදරේ විඳින කෙනෙක්.ආදරය නිසා මම හරිම විනෝදයෙන් ඉන්නවා.මමයි මගේ සැමියායි ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නෙක් නමුත් මිනිස්සු බලාගෙන ඉන්නේ අපි දෙන්නා වෙන් වෙනකන්.ඒක නං කවදාවත් වෙන්නේ නැහැ.අපි විවාහ වෙලා වසර දහයක් එදා ඉඳලා අද වනතුරු අපි ඉන්නේ හරිම සතුටින්”

ඒ විදියට අදහස් දක්වන ඇයට රුවන් සමග තවත් බොහෝ කාලයක් සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට වාසනාව ලැබේවා කියා  අපි ප්‍රාර්ථනා කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *