මම ශේත්‍රයට ඇවිල්ලා දැන් වසර දහ අටක් විතර වෙනවා අවුරුදු 4දී තමයි මම රඟපෑවේ
පුංචි තිරයේ පෙම්වතා ඒ වගේම තවත් අවස්ථාවකදී සෙල්ලක්කාර චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහුට කලාව කියන්නේ අමුතු තැනක් නෙමෙයි.මොකද පුංචි කාලේ ඉඳන්ම තමයි ඔහු සිනමා නිර්මාණ ටෙලි නිර්මාණත් එක්ක අත්වැල් බැඳගත්තේ.ඉතින් ඒ කඩවසම් රංගන ශිල්පියා තමයි සචින් චතුරංග.
මේ දවස් වල පාර දිගේ ටෙලි නාට්‍යයේ හා හා ලංවී ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන සචින් දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ වූ කලාකරුවෙක් කිව්වොත් නිවැරදියි.ඒකට හේතුව අවට ලස්සනට සිංදු කියන්න පුළුවන් ඒ වගේම ඔහු සංගීත කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.එ අලුතිම වැඩ කටයුත්ත ගැන සචින් කීවේ මේ වගේ කතාවක්.
“මම බෑන්ඩ් එකේ බෙර වාදනය තමයි කරන්නේ.මමයි මගේ මල්ලි ගීත ගායනා කරනවා.මම ගොඩක්ම ඉන්න පිරිස නටවන හරිය තමයි.විශාල ප්‍රතිචාර ලැබෙනවා වෙඩින් එක play කරලා ගෙදර එනකොට ලැබෙන මුදල් නෙමෙයි මිනිසුන්ගේ කොමෙන්ට්ස් බලලා තමයි ගොඩක්ම සතුටු.මල්ලි උඹ මාර පොරක් වගේ දේවල් ඇහෙද්දී හරිම සතුටුයි”
ඒ විදිහට අදහස් දක්වන ඔහු පුංචි කාලේ ඉඳන්ම කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක් කියලා අපි මුලින්ම කිව්වා. ඒ අත්දැකීම් එක්ක එතෙක් මෙතෙක් කාලය තුළ ඔහුට කලාව තුළ ලැබුණු දේවල් ගැන කතා කළේ මේ විදිහටයි.
“මම ශේත්‍රයට ඇවිල්ලා වසර 18ක් විතර වෙනවා.අවුරුදු 4 දී වගේ තමයි රඟපාන්න පටන් ගත්තේ.මම මුලින්ම සම්බන්ධ වුණේ බිංදු කියන චිත්‍රපටයට.2010 වසරේ දී බිංදු චිත්‍රපටය අවසානයේ ඒ අලියාව මට දාලා යන්න බැරි තැනට පත් වුණා.අලියා මාව හොඬවැලෙන් තද කරගෙන හිටියා ලොරියෙන් බහින්න වත් දුන්නේ නෑ.එදා මටත් ඇඩුණා. ඊට පස්සේ බඹර වළල්ල සිරිපැරකුම් පුංචි අපිත් බය නෑ දැන් තන්හා රතී රඟා චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා.”
ඉතින් ඒ අත්දැකීම් සියල්ලත් එක්කම කලාව තුළ තවත් ඔහුට යායුතු ගමන් මග බොහෝ දුරයි. ඉතින් ඒ ගමන් මග මග සාර්ථකව මඟ සාර්ථක ව යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ඔහුට හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු