Siri Lankawa

Web Postal

අම්මා ඒ කාලේ  ඉදන් කළේ නිමි ඇඳුම් ව්‍යාපාරයක්.අවුරුද්දට එයා නංගිටයි මටයි ගවුම් දෙකක් මහලා දෙනවා

 සහන් රන්වල බලකාය හරහා කලාවට පැමිණි මේ සුන්දර කලා තරුව ගැන නම් ඕනිම කෙනෙක් දන්නවා. ඇය රංගනයෙන් දායකත්වය දැක්වූ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය හරහා ප්‍රසිද්ධ වෙච්ච සචින්තනී කෞශල්‍ය යි.   ඇය  රංගන ශිල්පිනියක් විදියට වැඩ කටයුතු කරන අතරතුරදී විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් පසුගිය කාල සීමාවේදී සාර්ථකව නිම කළා.

ඒ වගේම තමයි සචින්තනී මනෝ උපදේශකවරියක් විදියටත් වැඩ කටයුතු කරනවා. අද අපට කටයුතු සහ කලා කටයුතු කියන මේ දෙකම ඉතාමත් සාර්ථකව කරගෙන යන්නට ඇයට මූලිකවම ගෙදරින් ලැබෙන සහයෝගය ගැන නම් කියලා නිම කරන්න බැරි ලු.ඒ වගේම තමයි අද වෙද්දි ඇය කලාව තුන එක පියවරක් හරි ඉදිරියට තබන්න මූලිකම හේතුව වුණේ එදා සහන් රන්වල බලකායට බැඳුණු නිසා කියලත් ඇය සඳහන් කරනවා.  ඒ වගේම තමයි මේ කාලසීමාවේ එහෙමත් නැත්නම් අවුරුදු කාල සීමාවේ රංගන ශිල්පීන් බොහොමයක් දෙනා තමන්ගේ ගම්වලට ගිහින් අවුරුදු සමරලත් අමතක කරන්නේ නැහැ.ඒ වගේම ඇයත් අවුරුදු සමරපු අතීතයක් ගැන පසුගිය දවසක අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ මේ විදිහටයි.

“අම්මගේ ගම රාගම ඒ නිසා තාත්තාගේ ගම කිරිබත්ගොඩ නිසාත් අපිට ගමේ යනවා කියලා යන්න දුර පළාතක් තිබ්බේ නැහැ.අම්මයි තාත්තයි මමයි නංගියි තමයි හැමදාමත් එකතු වෙලා අවුරුදු සැමරුවේ.මොනව නැතත් නංගිටයි මටයි තාත්තා  ඔන්චිල්ලාවක් බැඳලා දෙනවා අවුරුදු ඉවර වෙලා මාසයක් විතර යනකන් අපි දෙන්නා රණ්ඩු වෙවී ඕක පදිනවා. උදේ නැගිටපු ගමන් යන්නේ ඔන්චිල්ලාව ලඟට. අම්මලා කොහොමත් ඒක අලිගල කරන්නේ නිමි ඇඳුම් ව්‍යාපාරයක් නිසා අපි දෙන්නට අඩුගානෙ ගවුම් දෙක ගානේ වත් මහලා දෙනවා. වයස් පරතරයක් තිබුණට අපි දෙන්නා අදටත් රූපයෙන් එක සමානයි එකම විදිහට තමයි අම්මා ගවුම් අහල අන්දවන්නේ සමහරු රැවටෙන නංගි මමයි  නිවුන්නු ද කියලත්.”

ඉර සචින්තනී.ඔන්න ඔහොම හරිම සරල විදියට තමයි නංගියි අම්මයි තාත්තයි එක්ක අවුරුදු සමරන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *