Siri Lankawa

Web Postal

දාලා ගියපු අය වෙනුවෙන් මම පොඩ්ඩක්වත් අඬන්නේ නෑ ටිකක්වත් දුක නෑ.තනිකඩ ජීවිතය සැපයි

සචිත් පීරිස් කිවුවහම ඔහුගේ නමට වඩා ඔහුගේ කටහඬ තමයි ගොඩක් දෙනෙක් අඳුනන්නේ. ප්‍රසංග වේදිකාව තුළ මේ වන විටත් කාර්යබහුල ගායකයෙක් විදිහට  වැඩ කටයුතු භාර අරගෙන කරන ඔහු දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.සචිත් මේ වන විටත් වෙළඳ දැන්වීම් දහස් ගණනකට සංගීතය නිර්මාණය කරලා දීලා තියෙනවා.ඒ ප්‍රමාණය 4000 කටත් වඩා වැඩියි කියලා තමයි සචිත් කියන්නේ.

මේ දවස් වල මේ සුන්දර කලාකරුවා ස්වභාවික පරිසරයත් එක්ක තමයි කාලය ගත කරන්නේ.කලාව වගේම සංචාරය කරන්නත් ඔව් ගොඩක් ආසයි. travel යූ ටියුබ් නාලිකාවක් පටන් ගන්නත් හිතේ අදහසක් තියෙනවා කියලා සචිත් සඳහන් කරනවා.

මේ වන විට ගොඩාක් සතුටින් ඔහු හිටියත් කාලයකට කලින් පිළිකාමය රෝගී තත්ත්වයක් නිසා හරිම අපහසු කාලයක් තමයි ඔහු ගත කළේ.ඒ දරුණු කාල වකවානුව තුළ ඔහු විවාහ වෙච්ච ආදරණීය බිරිඳත් ඔහුව හැර ගියා.කොහොම හරි මේ දරුණු ලෙඩෙන් ගොඩ එන සචිත් ආයෙමත් සැරයක් ටිකෙන් ටික සංගීත වැඩකටයුතු පටන් ගත්තට පස්සේ පස්සෙ තමයි නැවත වතාවක් ඔහු ගැන ගොඩක් අය කතා කළේ.ඉතින් බිරිඳ ඒ විදිහට ඔහුව අතහැර යද්දි  ඒ ගැන පුංචි වත් දුකක් නැද්ද කියලා අහපුවාම සචිත් කිව්වේ මේ වගේ කතාවක්.

“දාලා යන දාලා ගිය ආදරයක් වෙනුවෙන් මානසිකව වැටෙන්න මොකටද දාලා ගිය කෙනෙක් වෙනුවෙන් අඩනන් අවශ්‍ය නැහැ.මම නම් ටිකක්වත් දුක් වෙන්නේ නැහැ එහෙම දුක් වෙනවා කියන්නේ මහ මෝඩකමක්.නොගැලපෙන බැදීම් නැති වෙලා යන තරමට හොඳයි මම නම් ටිකක් වත් හිතන්නේ නෑ ආතල් එකේ ඉන්නවා”

ඉතින් එහෙම කියන සචිත් දාලා ගියපු අයට දාල යන්න කියලා ජීවිතේ හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරන්න තමයි ඉස්සරහටත් සූදානම් වෙන්නේ.ඒ වගේම නැවත වතාවක් විවාහ වෙලා බැඳීම් ඇති කර ගෙන නිදහස නැති කර ගන්නේ නැහැ කියලත් ඔහු සඳහන් කරලා තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *