වාණිජ අංශයෙන් මම විශ්වවිද්‍යාලයට තේරුණා ඒත් දුප්පත්කම නිසා අධ්‍යාපනය නවත්තන්න වුණා
මේ දවස්වල ප්‍රසංග වේදිකාව තුළත් විදෙස් සංචාර හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් හමුවට එන රසිකයන් ගේ හදවත දිනාගත්තු මේ සුන්දර ගායකයා සදුන් පෙරේරා.පසුගිය දවසක මේ රසිකයන් ගේ අසීමිත ආදරය ගේ අසීමිත ආදරය නිසාම සම අවස්ථාව උදා වුණා ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නේ.
ඇත්තටම මේ සම්මානය ඔහුට හම්බ හම්බ වෙන්නේ ජනතාව ඔහුට එතරම් ආදරය කරන නිසයි.ඒ නිසාම ඒ හම්බ වෙච්ච සම්මානය ගැන සදුන් කිව්වේ මේ වගේ කතාවක්.
“2016 වසරේ පටන් මම විඳපු මිනිසුන්ගේ ආදරය එකට එකතු කරලා සම්මානයක් විදිහට මගේ අතට ගෙනල්ලා දුන්නා කියලා තමයි මම හිතන්නෙ. මම ආපහු ඒ ආදරයම මගේ රසිකයන්ට පෙරළා ලබා දෙනවා රසිකයන්ගේ ආදරය තමයි මට ලැබුණු සම්මානය”
ඒ විදිහට හැම වෙලාවෙම රසිකයන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් ගීත ගායනා කරන ඔහු හොඳට අධ්‍යාපනය ලබපු කෙනෙක් කියන්න ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ. හැබැයි ඔහුගේ අධ්‍යාපන ගමන අවාසනාවන්ත විදිහට අතරමග නතර වෙනවා.ඒ සම්බන්ධයෙන් සඳුන් කිව්වේ මේ වගේ කතාවක්.
“මම සාමාන්‍ය පෙළ විභාගයට a සමාර්ථ 7 සහ ඒ සාමාර්ථ දෙකක් ගත්තා පස්සෙව් උසස්පෙළ හදාරන්න කොළඹ නාලන්දා විද්‍යාලයට ගියා. ඒ සාමාර්ථ දෙකක් සහ වී සාමාර්ථ එකක් සහිතව සමත් වෙලා වාණිජවේදී උපාධියක් සඳහා විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න හැකියාව ලැබුණා. නමුත් ඒ කාලේ තිබුණු දරිද්රතාවය සහ තවත් ගැටලු කීපයක් නිසා මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නවත්වන්න වුණා”
අවසානයේ ඔහු කිව්වේ පවුලේ උගන්වනවාට වඩා එදිනෙදා අවශ්‍යතා වැඩි වෙච්ච නිසා ඒ දේවල් සම්පූර්ණ කරන්න ඔහු ඔහුගේ අධ්‍යාපනය කැප කලා කියලයි.හැබැයි ඉදිරියේදී ඔහුගේ උපාධි සිහිනය සම්පූර්ණ කරන්නත් ඔහු අමතක කරන්නේ නැහැ කියලත් අවසානය සඳහන් කළා.