Gossip Lanka

ඔයාව මේ ලෝකෙට බිහිකරපු අම්මටයි තාත්තටයි පින් සජිත බුවී වෙනුවෙන් තැබූ ආදරණීය සටහන 

ඇන්තනී පවුල කියලා කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ඉතාමත් සුන්දර කලා පවුලක්. මේ පවුලේ සියලුම දෙනා කලාවට සම්බන්ධ අය. ඒ අතරින් සජිත අනුත්තර කියලා කියන්නේ තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් හැකියාවක් තියෙන දක්ෂ රංගන ශිල්පියෙක්.

සජිතට හොඳට රඟපානවා වගේම හොඳට සින්දු සිංදු කියන්නත් පුළුවන් ඒ වගේම නටන්නත් පුළුවන්. ඉතින් මේ දවස් වල වැඩිපුරම අපිට සජිත දැකබලා ගන්නට හැකියාව ලැබෙන්නේ නාඩගම් කාරයො ටෙලිනාට්‍ය තුළ සරා කියන චරිතය නිසයි.

මේ චරිතය ප්‍රේක්ෂකයන් කොයිතරම් වැළඳ ගත්තා ද කියනවා නම් සජිත කියන නම කියන්නෙ නැතුව ඔහුට ගොඩක් දෙනෙක් දැන් කතා කරන්නේ සරා කියලා. ඒ වගේම අපිට ඔහුව මේ දිනවල විකාශය වෙනන metro හීන ටෙලි නාට්‍යය තුළින් ද දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙනවා.

සජිත කියන්න විවාහක කෙනෙක්. ඔහු විවාහ වෙන්නේ  රූමත් තරුණියක් වන  බුවිනිකා සමගයි. ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවෙන්නා වූ බැඳීම විවාහය දක්වා ගෙන යන්න මේ දෙන්න තීරණය කරනවත් එක්කම දැන් දෙන්නටම හැකියාව ලැබිලා තියෙනවා එක වහලයක්  යට ජීවත් වෙන්න.

ඔහු ආදරේට ඇයට කියන්නේ බුවී කියලා. ඉතින් පසුගිය දින  බුවිනි කාගෙ උපන්දින යෙදුණා. එදා රැය වෙලා බුවීව සප්‍රයිස් කරන්න විශේෂ සාදයක් පවත්වන්න සජිත තීරණය කරනවා. ඒ වගේම තමයි ඇගේ උපන් දිනයට ආදරණීය ලෙස සෙනෙහෙබර සටහනක් මුහුණ හරහා එකතු කරන්නත් ඔහු  තීරණය කරනවා. තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් සජිත එකතු කරපු ඒ සෙනෙහෙබර සටහන පහතින්

ආකාසේ ඉඳන් සැහැල්ලුවෙන් ආදරේ කරපු කාලේ පහුකරන් මහ පොළොවට බැස්සහමත් ඒ ආදරේ ඒ නැවුම් බවින්ම ඔයා මට දුන්නා. ඔයාව මේ ලෝකෙට බිහි කරල දැඩි කරපු අම්මිටයි තාත්තිටයි මම අද දවසේ පින් දෙනවා. ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා! හැමදාමත් සතුටින් ඉනින ලැබේවා! මගෙ මැණිකේට සුභ උපන්දිනයක් වේවා!

ඉතින් ආදරණීය රංගන ශිල්පී සජිත අනුත්තරගේ බිරිද බුවීට අපිත් සුබ උපන්දිනයක්  ප්‍රාර්ථනා කරන්නෙමු.