Gossip Lanka

ප්‍රසිද්ධ රංගන ශිල්පී සජිත ඇන්තනී උතුම් පිය පදවිය ලබන්නට වාසනාවන්ත වෙයි

කලා ලෝකය තුළ අපි කවුරුත් ආදරය කරන දක්ෂ කලාකරුවෙක් තමයි  සජිත ඇන්තනී කියන්නේ.  ඔහු ගැන කතා කරද්දී පුංචි කාලෙ ඉඳන්ම තාත්තගේ අඩි පාරේ යමින් කලා ලෝකයත් එක්ක අත්වැල් බැඳගන්න උත්සහ ගත් සජිත බොහෝ දෙනෙක් දන්න කියන රංගන ශිල්පියෙක් බවට පත්වුණේ සූරිය අරණ අබා ආදී සිනමා නිර්මාණයන් නිසයි.

ඉතින් මේ වන විට  ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් සිනමාව තුළත් දක්ෂ අද්විතීය රංගනයක නිරත වෙන ඔහු වැඩි වශයෙන් ප්‍රසිද්ධ තරුවක් බවට පත්වුණේ නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ සරා කියන චරිතය හරහා යි. මේ ටෙලිනාට්‍යයේ  සරාට ලැබෙන ආදරය ගැන නම් කතා කරන්න වචන නැති තරම්. ඒ කියන්නේ මිනිස්සු ඒ තරම්ම මේ චරිතය ආදරෙන් වැළඳ ගත්තා.

ඒ නිසාම සජිතගේ පෞද්ගලික ජීවිතය ඒ වගේම කලා ජීවිතය පිළිබඳ වත් ඔහුට   ආදරය කරන ප්‍රේක්ෂකයන් නිරන්තරයෙන් ම සැලකිල්ලෙන් හිටියේ. වසර ගණනාවක ආදරයක ප්‍රතිඵලයක් වශයෙන් සජිත මේ වෙද්දි විවාහක පුද්ගලයෙක් විදිහට ආදරණීය බිරිඳත් එක්ක කාලය ගත කරනවා.

ඔහුගේ බිරිඳ සුරූපී බුවි. ඇයත් හරිම නිහතමානී චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන් කෙනෙක්. ඉතින් මේ සුන්දර කැදැල්ල දෙසින් පසුගිය දවසක හරි අපූරු  ප්‍රේක්ෂකයන් අහන්න බලාපොරොත්තුවන සුන්දර කතාවක් ඇහෙන්න පටන් ගත්තා. ඒ සජිතගෙ ආදරනීය බිරිඳ බුවී උතුම් මව් පදවිය ලැබුවා කියන සුබ පණිවිඩයයි.

ඉතින් මේක දැනගත්තු වෙලේ පටන් රසිකයන් බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාට හදවතින්ම සුභාශිංෂණ එකතු කරලා තිබ්බා. ඒ වගේම තමයි (21) අද දින සජිත ඔහුගේ මුහුණු පොත හරහා ඉතාම ආදරණීය පණිවිඩයක් නැවත වතාවක් ප්‍රේක්ෂකයන් සමග හුවමාරු කර ගත්තා. ඒ තමයි ඔහුගේ සෙනෙහෙවන්ත බිරිඳ මේ දරු පැටියා මේ ලෝකයට ගෙන්න අද දින වාසනාවන්ත වුණා කියන දේ.

 මේක ඇන්තනී පවුලට සුවිශේෂී දවසක්. ඒ සුබ මොහොත වෙනුවෙන් ජැක්සන් ඇන්තනී ඒ වගේම අකිල ධනුද්දර ඇතුල් වූ ඔහු ළඟම සිටින ආදරණීයන් හදවතින්ම සුබ පැතුම් එකතු කරලා තිබුණා.  ඉතින් මේ විදිහට ආදරණීය මවුපිය පදවිය ලබපු සජිතට සහ බුවීට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.