Gossip Lanka

කෙල්ලො 3ක් ඉන්න, බබාට පැම්පස් ගන්න සල්ලි නැති ප්‍රසිද්ධ කලා පවුලක් ගැන සමන් එදිරිමුනි කියන වහෙන් ඔරෝ කතාව

සමන් එදිරිමුනි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ට රසවත්ව රස විඳිය හැකි  ටෙලි නාට්‍ය රැසක්ම පිටපතින් හැඩ කළ දක්ෂ කතුවරයෙක්. ඔහු විශේෂයෙන්ම ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය රචනා කරන්න පටන් ගැනීමත් සමගයි. ඒ ටෙලි නාට්‍යය කොයිතරම් ප්‍රේක්ෂකයන් හා ආකර්ෂණීය තත්ත්වයට පත් කරාද කියනවා නම් එහි රංගනයෙන් නිරත වූ බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් ට ජනප්‍රිය නිළිය ජනප්‍රිය නළුවා ආදී සම්මානත් ලබාගන්න හැකියාව ලැබුණා.

ඊට අමතරව සමන් එදිරිමුනි විසින් රචනා කරපු තවත් ටෙලි නිර්මාණයක් තමයි සංගීතේ ටෙලි නිර්මාණය. මේ කතාව අදටත් පුංචි තිරයේ විකාශය වන මෙගා ටෙලි නාට්‍යය විදිහට හඳුන්වන්න  පුළුවන් නිර්මාණ. ඉතින් ගොඩක් දෙනෙක් ඒ නිර්මාණ වලට යහපත් ප්‍රතිචාර දැක්වූ අතර තවත් සුළුතරයන් පිරිසක් සමන් එඑදිරිමුණි කියන පිටපත් රචකයාට බොහෝ අවස්ථාවන්වල දී විරෝධී අදහස් ප්‍රකාශ කරලා තිබුණා.

මේ විදිහට මේ ටෙලි නාට්‍ය නිසා ජනතාව අතර ප්‍රසිද්ධ වෙච්චි මේ සුන්දර පිටපත් රචකයා තමන්ගේ මුහුණු පොත හරහා අපූරු සටහනක් ප්‍රේක්ෂකයන් එක්ක බෙදා හදා ගන්නවා.ඉතින් මේ සටහන තුළ තිබුණේ එක්තරා කලා පවුලක ආදරණීය දියණියන් තුන්දෙනෙක් සහ ඒ දියණියන් තුන්දෙනාගේ චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටපු දැන් වැඩ නැතුව ගෙදරට වෙලා ඉන්න තාත්තා ගැනයි. ඔවුන් කලා ලෝකය තුළ නම හදාගන්න වෙහෙසුණු විදිහ සහ දගලපු විදිය ගැන තමයි ටිකක් උපහාසාත්මක ස්වරූපයෙන් ඔහු මේ සටහන ඉදිරිපත් කරලා තියෙන්නේ.

මේක ඔහු රසවත් විදිහට ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබා ගන්නා ආකාරයෙන් සටහන් කරලා තිබ්බ සටහනක්. එහිදී බොහෝ දෙනා අදහස් ඉදිරිපත් කරලා ඒ කලා පවුල කවුද කියලා සඳහන් කරලා තිබුනා. ඉතින් මේ සටහන කියවන බොහෝ දෙනෙක්ට ඒ විදිහේ චරිත කීපයක්ම හිතේ මැවෙන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් සමන් එදිරිමුණි  මුහුණු පොත හරහා බෙදා හදා ගත් සටහන පහතින් උපුටා දක්වා ඇත.