Siri Lankawa

Web Postal

මම වෘත්තියෙන් ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා.මොකද අපිට කලාව මතම රැඳෙන්න බැහැ

නවක රංගන ශිල්පියෙක් විදිහට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආපු ඔහුට කලාව කියන්නේ නම් අලුත් දෙයක් නෙවෙයි.වේදිකාව තුළ මේ අපූරු රංගන ශිල්පියා තමන්ගේ රංගන රැකියාව ඕනෑතරම් පෙන්නලා තියෙනවා.ඉතින් ඔහු නමින් කෝරළගේ සමන්.ඉතින් මේ දවස් වල ගොඩක් දෙනෙක් කෝරළගේ සමන් කියනවාටත් වඩා පාරදිගේ ටෙලි නාට්‍යයේ සිකුරා කිවුවහම ඔහුව  හොඳටම දන්නවා.

අද වෙද්දු කලාව ගත්තහම ගොඩක් වෙලාවට දක්ෂතාවය නැතත් රූපය තියෙනවා නම් තියෙනවනම් තියෙනවා නම් රඟපාන්න අවස්ථාව දෙනවා. ඒ පවතින ක්‍රමය සහ වර්තමාන කලාවේ තත්ත්වය ගැන ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“මට හිතෙන්න නම් මේ ක්ෂේත්රය තුළ පුහුණුව පළපුරුද්දක් ඇති බොහෝ දෙනා ඉන්නවා.  ඒ අය හරියට වැඩ කරන්න උත්සාහ කරනවා.පියරු බබාලා වගේ එන්න පුලුවන් ඒත් පවතින්නෙ නැහැ.පුහුණුව සහ පළපුරුද්ද එක්ක එන අයට හැඩය පසුව හදාගන්න පුළුවන්.නැතුව බාහිර පෙනුම විතරක් තියාගෙන අභ්‍යන්තරය හිස් ඇවිදින් අපිට විෂය තුළ ජීවත් වෙන්න බැහැ”

ඒ නිසාම තමයි සමාන්‍ය වේදිකාව තුළින් අත්දැකීම් අරගෙන කලාවට එන්නේ.ගොඩක් දෙනෙක් හිතන්නේ ඔහුගේ මූලිකම වෘත්තිය තමයි කලාව කියලා හැබැයි ඔහු වෘත්තිමය වශයෙන් වෙනත් රැකියාවක් කරන පුද්ගලයෙක්. ඒ සම්බන්ධයෙන් සමන් කිව්වේ මේ වගේ කතාවක්.

“මම වෘත්තීය නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය ගුරුවරයෙක් විදිහට වැඩ කටයුතු කරනවා.කලා විතරක් කරගෙන යාමේ නිදහස අඩු වුණා කලාව කරන්න නම් හොඳ නිදහස් පරිසරයක් වගේම නිදහස් මනසක් තියෙන්න ඕනේ.එහෙම නැතුව කලාවට හොඳම පදාර්ථය දෙන්න බෑ.අද වෙද්දි කලාව මතම රැඳෙන්න බෑ තවත් වෘත්තීන් දෙක තුනක්වත් කරන්න වෙනවා සෑම ක්ෂේත්‍රයකම විදිය එහෙමයි”

අනේ නිසාම වෙන්න ඇති ඔහු තමන්ගේ මූලික වෘත්තීය විදිහට ගුරු වෘත්තිය තෝරගෙන තියෙන්නෙ.කොහොම නමුත් ගුරුවරයෙක් සහ කලාකරුවෙක් විදිහට ක්ෂේත්රය තුළින් ඉදිරියටම යන්න ඔහුට හැකියාව ලැබේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *