Siri Lankawa

Web Postal

මම කළුයි කැතයි කියලා ප්‍රතික්ෂේප වුණ වාර අනන්තයි.ඇයි කළු මිනිස්සුන්ට රඟපාන්න බැරිද 

මේ දවස් වල ස්වාධීන රූපවාහිනිය විකාශය වන ජානු ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්තු ආදරණීය රංගන ශිල්පියෙක් තමයි එස් අයි සමරක්කොඩි කියන්නේ.ඉතින් මේ සුන්දර කලාකරුවා  නිතරම කලාවත් එක්ක තමයි සම්බන්ධ වෙලා හිටියේ.

ඔහු මේ වන විට කලාවට ඇවිල්ලා අවුරුදු 23ක්.ඒ වගේම තමයි ඔහු වේදිකාවෙන් තමයි පන්නරය ලබන්නේ.හුනු වටේ කතාව,කැලණි පාලම,කුවේණි වගේ වේදිකා නාට්‍ය ගණනාවක මේ සුන්දර රංගන ශිල්පියා රඟපාලා තියෙනවා.

ඒ වගේම තමයි ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් හදාරලා තියෙන්නේ කලාව සම්බන්ධයෙන්.අවුරුදු විසිතුනක් කලාවත් එක්ක ඔහු එකතු වෙලා හිටියත් වර්ථමානයේදී තමයි වැඩි වශයෙන්ම එස් අයි සමරක්කොඩි කියන මේ කලාකරුවා ගැන බොහෝ ප්‍රේක්ෂකයන් දැනගන්නේ.ඉතින් මේ තරම් කාලයක් ගිහින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙච්චි ඔහු ඒ ජනප්‍රියතාවය සහ කලාව ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මේ වගේ චරිතයක් ලැබුනහම ඉතාම ආසාවෙන් මම රංගනයේ යෙදෙනවා.අනිත් එක ජානු ටෙලි නාට්‍යයේ එන චරිත වල සිදුවීම අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිතවලට ජීවිත වලට සමීපයි.තමාට සමීප ඒවා ඉක්මනින් ග්‍රහණය කර ගන්නවා.කළු මිනිහෙක් ආදරය හිතෙන්නේ නැද්ද.කළු මනුස්සයෙක්ද ප්‍රධාන චරිතයක් රඟපාන්න බැරිද  වගේ දේවල් හිතන්න පුළුවන්. මම කළුයි කැතයි කියලා ප්‍රතික්ෂේප වූ අවස්ථා ගොඩක් තියෙනවා.ඒ සියල්ල මැද අද මම ප්‍රධාන චරිතයක් රඟපානවා ඒ චරිතයට මිනිස්සු ආදරය කරනවා”

ඉතින් ඔහුගේ බිරිඳත් කලාවත් එක්ක සම්බන්ධ කෙනෙක්.ඒ දේවල් එක්ක දෙදෙනාටම කලාව තුළින් ඉස්සරහටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *