Siri Lankawa

Web Postal

අපෙ අම්මා පවුලෙ එකම ළමයා නිසා හුරතලයට හැදුනේ.අදටත් අම්මා හරිම හුරතල්

ගායන ලෝකය තුළ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්තු දක්ෂ ගායිකාවක් තමයි සමිතා එරන්දතී මුදුන්කොටුව කියන්නේ. ඇයගේ ආදරණීය දියණිය තමයි කාවින්දයා අධිකාරි කියන්නේ.ඇයත් කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච කලාකාරිනියක්

කාවින්දයා එක්තරා අවස්ථාවකදී ගායිකාවක් විදිහටත් තවත් අවස්ථාවකදී රංගන ශිල්පිනියක් විදිහටත් කලාව තුළ  වැඩ කටයුතු කළා.

ඒ වගේම තමයි කාවින්දයා තමන්ගේ ජීවිතයට ලබා ගත්තු අත්දැකීම් එක්ක ජීවිතේ ආදරය ගැන හිතන්න හරිම අමුතු විදිහට.අදටත් ඇයට ආදරයක් නෑ කියලා තමයි ඇය නම් කියන්නේ.අම්මයි මල්ලියි එක්ක හරිම සතුටින් ජීවත්වන කාවින්දයා හැමදාමත් කියන දෙයක් තමයි අම්මා හිටියේ නැත්නම් ඔවුන්ගේ ජීවිත මේ විදිහට සාර්ථක වෙන්නේ නැහැ කියන දේ. ඉතින් තමන්ගේ ආදරණීය අම්මා ගැන කවී කලකට කලින් කියලා තිබ්බෙ මේ වගේ සුන්දර කතාවක්

“අපෙ අම්මා එයාගේ පවුලේ එකම ළමයා ලෙස හරි හුරතලයට හැදුණු කෙනෙක්.දුක් විඳි කෙනෙක් නෙවෙයි අදටත් අම්මා හරි හුරතල් චරිතයක්.පවුලෙ එකම ළමයා ලෙස හැදෙන අය එහෙම වෙන්න ඇති.එයා සතුටින් ඉන්න කෙනෙක් ප්‍රශ්නයක් ආවම මම නම් ටිකක් ඉක්මනින් වැටෙනවා.ඒත් අම්මා එහෙම නෑ එයා හොඳට ඉවසන කෙනෙක්.මම අම්මගෙන් ඉගෙන ගත්ත ලොකුම දේ ඉවසීමේ ගුණය”

ඉතින් අතුල අදිකාරි සමිතා මුදුන්කොටුව ගෙන් වෙන් වුනාට පස්සේදිවත් සමිතා තමන්ගේ ළමයි තනි කළේ නැහැ. ඒ නිසා තමයි ඇය අදටත් මේ තරම් සතුටෙන් ජීවිතයේ තුළ ජීවත් වෙන්නේ.ඉතින් ඒ සතුට හැමදාමත් පවතීවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *