Gossip Lanka

මම ඇදේ හාන්සි වෙලා ඉද්දි සමිතා ඇවිත් එක පාරටම ඇදට පැන්නා අපි දෙන්නම බිම

සමිතා මුදුන්කොටුව මහත්මිය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික අනන්‍යතාවක් ගොඩනගා ගත් දක්ෂ ගායිකාවක් කිව්වොත් නිවැරදියි. ඇය පිළිබඳව වර්තමානය වන විට බොහෝ දෙනෙක් විවිධ ආකාරයෙන් කතා කරන්නට පටන් ගන්නවා.එකපාරටම සමිතා මුදුන්කොටුව මහත්මිය පිළිබඳව මෙයාකාරයෙන් ගොඩක් දෙනෙක් කතා කරන්නට පටන් ගන්නේ ඇය අතුල අධිකාරි මහත්මයාගෙන් වෙන්වෙලා තනිකඩ ජීවිතයක් වසර 10ක වැනි කාලයක් ගත කරලා පසුකාලීනව ඇයටත් වඩා වයසෙන් ගොඩක් ලාබාල තරුණයකු විවාහ කර ගැනීම නිසයි.

මේ වන විට සමිතා ආදරණීය සැමියා වන චිරන්ත සහ දරුවන් දෙදෙනාත් එක්ක ඉතාම සතුටින් කාලය ගත කරනවා කියන්න කොයි කවුරුත් දන්නවා. පසුගිය කාලසීමාව තුළදී සමිතා මුදුන්කොටුව මහත්මිය නැවත වතාවක් මව් පදවිය ලැබීමට සූදානම් කියලා බොරු කටකතාවක් සමාජය තුළ පැතිරෙන්න පටන් ගත්තා. ඒ සියලුම කටකතාවක් මේ වන විට බොරු දේවල් කියලා ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා.

සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් යාලුවෝ ගොඩක් ඉන්න කෙනෙක්. කොයි තරම් යාළුවො හිටියත් ඇගේ හොඳම යාළුවා තමයි කලා ලෝකයේ කාගෙත් ආදරේ දිනා ගත්තු ජානක විජයරත්න කියලා කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් නිරූපිකාවක් එවගේම නිෂ්පාදකවරියක් වශයෙන් රසිකයන් අතරට එන තැනැත්තියක්. ඇය බොහෝ දෙනා අතර ප්රසිද්ධය

.

පසුගිය කාල සීමාවේදී හිරු නාලිකාව ඔස්සේ විකාශය වු ගැමුණු මහ රජ ටෙලිනාට්‍ය යේ නිෂ්පාදිකාව විදිහට කටයුතු කෙරේ ජානකි. ජානකී ගේ හොඳම යාළුවා තමයි සමිතා ඒ වගේම සමිතගෙ හොඳම යාළුවො තමයි ජානකි. ඔවුන් දෙදෙනා හොඳම යාලුවෝ වෙන්නත් කලින් දැන අදුරන දෙන්නෙක් කියලත් සමිතා සඳහන් කළා.

ජානකී සහ සමිතා ඈතින් ඥාතීන් වෙනවා කියලත් ඔවුන් ප්‍රකාශ කරලා තිබ්බා. කෙසේ නමුත් නෑදෑ කමට එහා ගියපු සෙනෙහෙබර මිතුදමක් මේ දෙන්නා අතර තියනවා. දෙන්නට දෙන්නා නැතුව බැරි තරමට ඔවුන් හොඳ යාළුවෝ. සමිතගේ ජීවිතයේ සියලුම හැලහැප්පීම්වලට අවවාද අනුශාසනා සහ දිරිමත් කිරීම් ලබාදීලා තියෙන්නේ ජානකී.ජානකී  විටෙක සඳහන් කරන්නේ සමිත කියන්න පුදුම විදිහට හිතහයිය කෙනෙක්. ඒ වගේම හිත ඇතුලෙන් හඬා වැටුනත් පිටට පේන කවදාවත් ඇය අඬන්නේ නැහැයිලු. ජානිකී ඇගේ හොඳම යාලුවගේ වන සමිතගෙ දකින්න අකමැතිම දේ තමයි ඇයගේ සෞඛ්‍යය ගැන එතරම් හිතන්නේ නැති එක කියලා ප්‍රකාශ කරලා තිබ්බා.

මේ විදිහට ගොඩනැගුණු ඔවුන්ගේ මිතුදම ඇතුලෙ හරි අපූරු සොඳුරු මතක සටහන් අනන්තයි. ඒ අතරින් එක්තරා දවසක සිදු වූ සොඳුරු සිදුවීමක් ජානකී සිහිපත් කළේ මේ ආකාරයෙන්.

ඇත්තටම අපේ ජීවිත වල හරි සුන්දර ප්‍රීතිමත් මතකයන් තියෙනවා. දවසක් මට කටානේ  ටෙලි නාට්‍යයක රූගත කිරීම් තියෙද්දි සමිතගේ  පවුලෙ අය එහෙ ආවා. මම රූගත කිරීම් ඉවර වෙලා මහන්සියෙන් ඇදට වෙලා හිටියා. සමිතාගේ පුරුද්දක් තියෙනවා එක එකපාරටම  ඇවිත් ඇඟට පනින එක. ඉතින් මම ඇඳේ හාන්සි වෙලා ඉද්දී සමිතා ඇවිත් එකපාරටම ඇඟට පැන්නා. ඊට පස්සේ ඇන්දත් කඩාගෙන අපි දෙන්නම බිමට වැටුණා. මම හොඳටම බය වෙලා කෑ ගැහුවා සමිතට ගානක්වත් නැහැ.

ඇය මේ ආකාරයේ සොඳුරු රසබර සිදුවීම් පිළිබඳව මතකය ආවර්ජනය කළේ ඒ අයුරින්. අදටත් ජානකී සහ සමිතා කියන්නේ තමන්ගේ දුක සැප  බෙදා ගන්න හොඳ කල්‍යාණ මිතුරන්. ඉතින් ඔවුන්ගේ මේ අපූරු මිතුදම දිනෙන් දිනම වැඩි දියුණු වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.