Siri Lankawa

Web Postal

මට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා කීපදෙනෙක් හිටියා.මම පෝරුව උඩදි අඬලා බිම වැටෙයි සංජානා කියන අමුතු කතාව.

 සංජානා ගම ආරච්චි කියන්නේ අවුරුදු කුමාර තරගාවලියක් හරහා කලාවට ඇවිල්ලා අද වන  විට ක්ෂේත්‍රය තුළ නිවේදිකාවක් ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත් වෙන්න වාසනාව ලබපු කලාකාරිනියක්.ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන් ආදරය කරන චරිතයක් බවට පත් වෙච්චි ඇය පුංචි තිරයේ සතියේ දින පහේම විකාශය වන බොහෝ ටෙලි නිර්මාණ වලින් අපිට දැන් බලා ගන්නත් හැකියාව තියෙනවා.

ඒ වගේම ඇය පසුගිය අවුරුද්දේදී තමන්ගේ ආදරණීය පෙම්වතා සමඟ විවාහ ගිවිස ගත්තා.ඇගේ පෙම්වතා ඉන්න විදෙස්ගත වෙලා. කොහොමහරි ඉතාමත් ඉක්මනින් දෙන්නම වෙඩින් එක ගන්න ප්ලෑන් කරනවා කියලත් ආරංචියි.ඒ වගේම සංජානගේ අම්මා පිළිකාමය රෝගී තත්ත්වයක් නිසා අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමුගත්තා. ඒ සියලුම දුක වේදනාව එක්ක තවදුරටත් කලාවත් එක්ක ඉන්න ඇය කියන්නේ කලාව නැත්නම් අම්මා නැති වුණු දුකට අද ඇයට පිස්සු හැදිලා කියලයි.

“දන්න ගායකයෙක්ගේ වෙඩින් එකක් තිබ්බා.ඒකෙ පෝරුවේදී අම්මට ගිෆ්ට් එකක් දෙනවනේ මට ඉන්නම බෑ එක බලද්දි.මම දෙවනි මනමාලිට හිටියේ මගේ අත වෙව්ලනවා.දැන් ලබන අවුරුද්දේ මම බඳින කොට මම කාටද මේක දෙන්නෙ.මම හිතුවා පෝරුව උඩ ද සමහරවිට මම අඩලා බිම වැටෙයි නංගි නම් ගොඩක් ළඟ තාත්තිට. හැබැයි මම අම්මට.ඒ වගේම මට එක්කෙනෙක් නෙමෙයි බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා කිහිප දෙනෙක් හිටියා.එයාලට මම ලක්ෂ ගණන් වලින් සල්ලි දුන්නා බිස්නස් පටන් ගන්න ඕනි කිවුවහම. අන්තිමට මාව බේරගත්තේ අම්මා තාත්තා එයාලා මට අවවාද කළා මම ඒ මනුස්සයන්ව එහෙමම අතැරලා දැම්මා.”

ජීවිතය සෑම දෙයක් පිටිපස්සෙන්ම ඇයගේ හෙවනැල්ල වගේ ඉඳලා තියෙන්නේ අම්මයි තාත්තයි විශේෂයෙන්ම අම්මා.ඉතින් අදටත් ඕනෑම අවස්ථාවකදී  ඇය කලාව තුළින් ආපු ඒ සාර්ථක ගමන් මග පිළිබඳව කතාකරද්දී සංජානගේ කතාව ඇතුලේ අම්මා ඉන්නවාමයි. කොහොම නමුත් ඇය බලාපොරොත්තු වෙන විදිහටම ඇයගේ ඉදිරි අනාගත වැඩ කටයුතු සිද්ධ වේවා කියා අපි ඉක. සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *