Gossip Lanka

ඇඟෙන් භාගයක් ඇරගෙන වයස වහන්න ෆුල් ට්‍රයි එක සංජීවනීගෙන් නිල්මිණිට සැර කතාවක්  

සංජිවනි වීරසිංහ කියලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම සමාජ ක්‍රියාකාරීන් පුද්ගලයෙක් වශයෙන් නිරන්තරයෙන් ම අපට දැකබලා ගන්නට හැකියාවක් ලැබෙන චරිතයක් කිව්වොත් නිවැරදියි. දේශපාලන කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සංජිවනි නිතරම තමන්ට ලැබෙන අවස්ථාවන්වලදී අසරණ රෝගීන්ට ඒ වගේම පාසල් දරුවන්ට විවිධ ආයතන නගා සිටුවන්නට මෙන්ම හිංසා වූ දියණියන් වෙනුවෙන් උපකාර කිරීම වැනි සමාජ සේවා රාශියක් ම ඉෂ්ට කරලා තියෙනවා.පසුගිය දිනක ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම තුළ හරි අඳෝනාත්මක සටහනක් එකතු කරනවා. මේ සටහන කෙලින්ම ඉලක්කගත වෙන්නේ ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් වටායි.

මේ සිදුවීමට ප්‍රධානම හේතුව තමයි නිල්මිණි තෙන්නකෝන් එක්කරා යූටියුබ් මාධ්‍ය ජාලයක වැඩසටහනකට සම්බන්ධ වෙමින් සංජිවනි වීරසිංහ පිළිබඳව අභූත චෝදනාවක් එල්ල කිරීම නිසයි. ඇය විසින් සඳහන් කළ ඒ චෝදනාව කිසිසේත් පිළිනොගන්නා සංජීවනී වීරසිංහ මේ පිළිබඳව ප්‍රසිද්ධියේ ඇයව ඉලක්කගත කර සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් නිකුත් කරලා තිබ්බා. පසුව සංජීවනී ඒ ගැන සඳහන් කර තිබුණේ මෙවැනි දෙයක්.මා කලක් වැඩිමල් සොහොයුරියකට සේ සැලකූ එක්තරා වැඩිහිටි ශිල්පිනියක් පසුගියදා පැවැති ඇගේ සාකච්ඡාවක මගේ ගැනත් අනවශ්‍ය ආකාරයෙන් සඳහන් කරනු කන වැකුණු නිසා සුපුරුදු පරිදි ලිය යුතු දේ ලියා තබමි. සමහර විට ඇගේ ජීවිතය කතා කරන්නට තරම් වැදගත් දේවල් හෝ දෙන්නට තරම් වටිනා සමාජ පණිවිඩයක් ඇයට නොමැති නිසා ඇගේ සාකච්ඡාවේ මගේ ගැන කතා කළා විය හැක.

ඇය තමන්ගේ පණිවිඩය ආරම්භ කරන්නේ මේ ආකාරයෙන් ඊට පස්සේ දිගින් දිගටම අදහස් දක්වන සංජීවනී වීරසිංහ මහත්මිය සඳහන් කරන්නේ ඇගේ පෞද්ගලික ධනයෙන් සමාජය උදෙසා යම් යම් මෙහෙවර වන් සිදු කරන අවස්ථාවන් වලදීත් නිල්මිණී තෙන්නකෝන් මේ තරම් සමාජශීලී මනුස්සයෙක් නං ඇයි එවැනි ක්‍රියාකාරකම් කරන්නේ නැත්තෙ කියලයි. මේ වැඩසටහන පිළිබඳව ඇයව දැනුවත් කරන්න ඇගේ සමිපතයෙක්. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.කාන්තාවන් වෙනුවෙන් කතා කරනවලු අනේ එයාගෙ අතීතය කවුද නොදන්නෙ. කාන්තාවන් ගැන කතා කරන්න කලින් හරියට වයසට ගැලපෙන ඇඳුමක් අඳින්න එපැයි. ඇඟෙන් භාගයක් ඇරගෙන ඇවිත් වැඩසටහන පුරාවට ඇඳුම් හද හද හිටියා  ගෙදරට කොට කලිසං අඳින කතා තමා කියෙව්වේ වයස වහගන්න ෆුල් ට්‍රයි එක. මේ කතාව අහලා බලන්නකෝ අක්කේ ඔයාවත් විවේචනය කරලා තියෙනවා.

ඔහුගෙන් ලද පණිවිඩය ඔස්සේ තමයි සංජීවනී වීරසිංහ මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් හොයලා බලන්නේ. යෙහෙලියක සේ ඇගේ ජීවිතයේ ඉතාමත් දුෂ්කර අවස්ථාවන් වල දී සංජීවනී  හැමදාම හිටියත් ඒ කිසිදු උපකාරයක් කෙළෙහි ගුණයක් නොදත් මිනිසකු සේ ඇය අමතක කර අවසන්. සංජිවනී වැඩිදුරටත් සඳහන් කරපු පණිවිඩයේ ඇතුළත් වී තිබූ වැදගත් කරුණක් මෙසේයි.

ඇය ගැන කියන්න බොහෝ පෞද්ගලික දේවල් මටම තිබේ. සමහරුන් මුදලට විකුණනු හැටි. සමහරුන්ට මුදලට විකුණු වුණු හැටි සහ ඵම විවාහ ජීවිතය කඩාකප්පල් කර ගත් විලාසය හොඳ කාන්තාවක් ලෙසට ලෝකෙට මවා පෑවත් ඔවුන්ගේ විවාහය දෙදරූ සත්‍ය හේතුව දන්නෝ දැන සිටියත් ඒවා විස්තරාත්මක විවේචනය නො කරමි. මන්ද  කුණුගොඩවල් අවුස්සා හතර වට ගද ගැස්වීමට මට අවශ්‍ය නොමැති නිසයි. මේ ටික කීවේද ඇය මා පිළිබඳ අනවශ්‍ය ප්‍රකාශ කරමින් ඉල්ලන් කෑ නිසා පමණයි. අනුන් විවේචනය කරන්නට යොදවන කාලය තමන්ගේ පවුල වෙනුවෙන් යොදවන්නට ඇයට හැකි වුණා නම් ඇය අද දරුවාද සමග ජීවිතය තනි නොවනු ඇත.

ප්‍රවීණ නිවේදන ශිල්පිනී සංජීවනී වීරසිංහ මහත්මිය මේ ප්‍රකාශය තුළ ඇතුළත් කළ කරුණු වලින් ප්‍රධානම කරුණු කිහිපයක් තමයි ඉහතින් දක්වා තිබුණේ. කෙසේ නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන්  සංජිවනි වීරසිංහ දැඩි දැඩි ලෙස හෙළා දකිනවා කියලා ප්‍රකාශ කළා.