Gossip Lanka

පුංචි බෝනික්කිට හා හා පුරා කියලා සාරංග හා දිනක්ෂි බෙහෙත් විදින්න එක්ක ගියපු හැටි

ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්වපු දක්ෂ රංගන ශිල්පියෙක් සහ රංගන ශිල්පිනියක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ශි ප්‍රියසාද් කියලා කියන්නේ. දෙදෙනාම කලා පවුලක ආභාෂය තුළින් කලා ලෝකයට පැමිණීම නිසා බොහෝ දෙනෙක් අතර ඉතාමත් කෙටි කාලයකින් දක්ෂතාවයන් නිසාම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා.

සාරංග  දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම දක්ෂ නිවේදකයෙක් වශයෙනුත් අපිට දැකබලා ගන්නට හැකියාව ලැබෙනවා. දිනක්ෂි කියලා කියන්නෙත්  දක්ෂ රංගන ශිල්පිනියක් ඉතින් ඒ නිසාම මේ දෙදෙනා පිළිබඳව විවිධ ආකාරයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ තුළ කතාබහ කරන්න පටන් ගත්තා.

පසුගිය දිනවල ඔවුන් පිළිබඳව වැඩි වශයෙන් ගොඩක් දෙනෙක් කතා බහ කරන්න පටන් ගත්තෙ මේ දෙදෙනාම විවාහ වුණාට පස්සේ ආදරණීය දෙමව්පියන් වෙන්න වාසනාව ලැබීමත් සමගයි. ඔවුන් ආදරණීය දෙමව්පියන් වීමේ වාසනාව මේ පවුලට රැගෙන ආවේ ආදරණීය දූ සිඟිත්තියක්.

ඉතින් අලුත උපන් පුංචි දියණියත් සමඟ ජීවිතය ආදරයෙන් සතුටෙන් ගත කරන ඔවුන් දෙදෙනා ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පණිවිඩ හුවමාරු කරගන්නවා. ඉතින් ඒ සදහා නොයෙක් දෙනා සුබවාදී අදහස් ඉදිරිපත් කරන අතර සමහරක් පිරිසක්  පමණක් ඒවා විවිධාකාරයෙන් විවේචනය කරනවා.

කෙසේ නමුත් අනුන්ට ඕනෙ විදියට ජීවත් වෙන්නේ නැතුව තමන්ට ඕනෙ විදිහට ජීවිතය සකස් කරගත් සාරංග සහ දිනක්ෂි මේ පුංචි දෝනිට මාස දෙකක් සම්පූර්ණ වන අවස්ථාවේ දී එයත් එක්ක බෙහෙත් විදින්න යනවා. ඒ අවස්ථාව කැමරා කාචයට හසු කර ගන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ. මේ සඳහා නයින්වෙල්ස් රෝහලට තමයි ඔහුන් ගිහින් තියෙන්නෙ.

මේ අපූරු වීඩියෝ පටය සමාජ මාධ්‍ය  වෙත මුදා හැරි සාරංග  සඳහන් කළේ තමන්ගේ ආදරණීය දියණිය සමග ඇයට බෙහෙත් විදින්න ආවා කියලයි. කෙසේ නමුත් ඉතාමත් ආදරයෙන්  තමන්ගේ පවුල් ජීවිතය ගත කරන මේ සොඳුරු කලාකාරියන් දෙදෙනාට සහ මේ පවුලට අලුතින් එකතු වුණු මේ  දූ සිඟිත්තිය ට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.