Gossip Lanka

මහ රෑට අඬන බබාව නලවගන්න දිනක්ෂි කරන හිතාගන්නවත් බැරි වැඩේ

සාරංග දිනක්ෂි කියලා කියන්නේ පසුගිය කාල වකවානුව තුළ වැඩිපුරම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණු  ආදරණීය තරු යුවළක් කිව්වොත් නිවැරදියි. ඔවුන් පිළිබඳව පසුගිය දිනවල වැඩි වශයෙන් කතා බහ කරන්නට පටන් ගත්තේ ඔවුන් දෙදෙනාම ආදරණීය මව්පිය පදවිය ලබමින්  සෙනෙහෙබර දියණියක් ලැබීමට වාසනාවන්තයන් වූ නිසයි.

නිතරම සමාජ මාධ්‍ය වෙත ඔවුන්ගේ දෛනික ජීවිතයේ සොඳුරු අවස්ථාවන් මුදාහරින්නත් මේ දෙන්නා අමතක කරන්නේ නැහැ. ඒ නිසාම බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විවිධ ආකාරයේ අදහස් පළ කරලා තිබුණා. ප්‍රියසාද් පවුලේ වැඩිමහල් ම දියණිය තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම ප්‍රියසාද් පවුලේ සාරංගට සහ දිනක්ෂිට ඔවුන්ගේ අලුත් ජීවිතයට විශාල අත්වැලක් ලැබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

දිනක්ෂිමේ දවස් වල පුංචි පැටියත් එක්ක  කාලය ගත කරන්නේ  මහගෙදර ඒ කියන්නේ ඇය ජීවත් වෙච්චි ගෙදර. ඉතින් ගෙදර ඇය මේ වෙද්දි ඉන්නේ දිනක්ෂිගේ බාල නැඟණිය වන  ශනුද්‍රි අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනා එක්කයි. පසුගිය දිනක රූපවාහිනි විනෝදාත්මක වැඩසටහනකට සහභාගී වන දිනක්ෂිගෙ ආදරණීය නැගණිය වන ශනුද්‍රි තමන්ගේ සෙනෙහෙබර අක්කගේ අලුත් ජීවිතය පිළිබඳ හරි අපූරු කතාවක් ප්‍රකාශ කළා.

මහ ගෙදර අක්කයි ඉන්න නිසා ශනුද්‍රි නිතරම ඇයට උදව් උපකාර කරනවා. නමුත් මහ රෑට එකපාරටම බබා කෑගහලා අඬනකොට බබාව නලවගන්න දිනක්ෂි  කරන්නේ හරි අපූරු වැඩක්. ඉතින් ඒ පිළිබඳව තමයි ශනුද්‍රි මේ ප්‍රසිද්ධ වැඩසටහන හරහා ප්‍රකාශ කළේ.මහ රෑට ළමයා අඩනකොට දිනක්ෂි  ජංගම දුරකථනය අරගෙන ළමයා අඬන සද්දේ අහන්න තමන්ගේ අම්මට දෙනවා. ඉතින් අම්මත් ඉන්නේ එකම ගෙදර. අම්මා කියලා කතා කරන්නෙ නැතුව දුරකථන ඇමතුමක් ඇරගෙන ළමයා අඩන සද්දෙ අහන්න දීපු ගමන්ම අම්මා දුවගෙන එනවා ලු බබාව නලවන්න. 

බබාව නලවගන්න ඉතාමත් ලෙහෙසියෙන් සහ පහසුවෙන් දිනක්ෂි  විසින් කරන මේ අපූරු ක්‍රියාවට බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කරලා තිබුණා. කෙසේ නමුත් තාමත් අලුත් ජීවිතයට හැඩ ගැසෙමින් තමන්ගේ ආදරණීය දියණියත් සමග කාලය ගත කරන්නට උත්සාහ කරන ඇයට සහ සාරංගට ඔවුන්ගේ ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.