Gossip Lanka

සාරංග වටේ යනවා යකො කියලා කියපු රසිකයෙක්ට දිනක්ෂි  දීපු සැර පිළිතුර

දිනක්ෂි සහ සාරංග කියලා කියන්නේ පසුගිය කාලේ කාලේ පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලාත්මක කතා බහට ලක් වෙච්ච චරිතයන් දෙකක්. දිනක්ෂි ආදරණීය මවක් වූ දා පටන්ම ගත කරපු ඒ ජීවිතය සොඳුරු මතක සටහන් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්නත් අමතක කරේ නැහැ.ඒ නිසාම මේ පිළිබඳව හොඳ අදහස් දක්වපු අය වගේම නරක අදහස් දක්වපු අයත් හිටියා.

බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් සාරංග සහ දිනක්ෂිට කැමති වන අතර එයින් සමහරක් දෙනා ඔවුන් කරන කියන දේවල් වලට වැරදි ප්‍රතිචාරයක් දක්වන්නේ  සාරංග කලින් විවාහ ජීවිතයේ  උමාලි තිලකරත්නගෙන් වෙන් වුණු නිසා බව බොහෝ දෙනෙක් සඳහන් කරනවා.

කවුරු මොනවා කිව්වත් තමන්ගේ පාඩුවේ ආදරණීය සිඟිති දියණියත් එක්ක සුන්දර ජීවිතයක් ගත කරන සාරංග සහ දිනක්ෂි නිතරම හිනා වෙලා ඉන්න කැමති ජෝඩුවක්. හැබැයි මේක වැරදි විදිහට දකින රසිකයෝ ඉන්නවා. නමුත් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැති මේ දෙන්නා ඒ චෝදනා වලට අපූරු ආකාරයට පිළිතුරු සපයන්නත් අමතක කරන්නේ නැහැ.

ශලනි සහ සාරංග ඒ වගේම දිනක්ෂි  කියලා කියන්නේ හොඳ යාළුවෝ. පසුගිය දවසක සාරංග දිනක්ෂිත් එක්ක ඉන්න  ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනවා. ඉතින් ඒ ඡායාරූපය මුදාහරින්නේ ඔහු අපි දෙන්නාගෙන් කාටද වැඩියෙන් ආදරේ මං ආදරේ ශාලාට යනුවෙන්  සඳහන් කරමින්.

ඉතින් මේ ඡායාරූපය දැකපු රසිකයන් පිරිසක් ඒ පිළිබඳව විවිධ ආකාරයේ අදහස් ඉදිරිපත් කළා. ඒ අතරින් ඊළඟට ශලනි ඔයාගේ වාරේ,ලැජ්ජ නැද්ද මෙහෙම කරන්න ආදී අදහස් රැසක්ම  මේ ඡායාරූපයට එකතු වුණා. ඉතින් ඒ අදහස් එක්ක තවත් රසිකයෙක්  සඳහන් කරනවා  

මූ වටේ යනවා යකෝ මේ බලපන්

ඉතින් මේ විදියට අදහස් දැක්වූ ඒ රසිකයාට දිනක්ෂි ,

වටේ? ඔය එක තැන හිටගෙන ඉන්නේ

වටේ යනවා කියලා අදහස් දක්වපු රසිකයාට  දිනාක්ෂි වටේ යන්නෑ ඔය එක තැන හිටගෙන ඉන්නේ එයා. යන අදහසක් මේ පිළිතුරට එකතු කරලා තිබුණා. කෙසේ නමුත් ඒ සඳහා නැවත වතාවක් බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඉතින් මේ ඡායාරූපය ම ශලනි තාරකා ඇගේ මුහුණ පොතේ නැවත වතාවක් ශෙයා කරලා තිබුණා. ඇය සඳහන් කරනවා හරි ඉතින් ආදරේ උනත් මොකෝ කියලා.  ඉතින් ඒ අදහසටත්   දිනක්ෂි පිළිතුරක් විදියට සඳහන් කරනවා  

දැන් එහෙම තියනවද නැද්ද? කන්ෆියුස් කරන්න එපා අප්පා  යනුවෙන්.

කොහොම නමුත් මේ ඡායාරූපයට මේ වෙද්දිත් විශාල ප්‍රමාණයක අදහස් සහ ප්‍රතිචාරයන් ඇවිල්ලා තියෙනව ඉතින් මේ සියලුම දේවල් හුදෙක් විනෝදය සඳහාම පමණයි. මේ විදියට මුහුණු පොතට එකතු වුන ඡායාරූපය සහ එයට එකතුවුණු  දිනක්ෂිගේ පිළිතුර පහතින් දක්වා ඇත.