Gossip Lanka

ලංකාවේ ළමයෙක් හම්බුණු එකම  දෙන්නා කිව්ව පුද්ගලයට සාරංග දීපු සැර පිළිතුර

සාරංග සහ දිනක්ෂි කියලා කියන්නේ මේ දවස් වල වැඩිපුරම කතාබහට පත් වන දෙදෙනෙක්. ඒකට ප්‍රධානම හේතුව විවාහ වුණු දෙදෙනෙක්ට මේ ලෝකයේ ලබන්න පුළුවන්  උතුම්ම මව්පිය පදවිය ඔවුන් දෙදෙනා සැබෑ කර ගන්නට සමත් වීම නිසයි.

සාරංග කියන්නේ ක්ෂේත්‍රය තුළ ඉන්න  අති දක්ෂ රංගන ශිල්පියෙක්. දිනක්ෂි  කියලා කියන්නෙත් නර්තනයට රංගනයට උපන් හපන්කම් දක්වන තරුණියක්. ඔවුන් දෙදෙනාගේම  ගෙදර මවුපියන් කලාවට සම්බන්ධ නිසා මේ දරුවන්ටත් කලා ලෝකයට පිවිසෙන්න අවස්ථාව උදා වුණා.

සාරංග මුල්ම අවස්ථාවේ විවාහ වෙන්නේ ශ්‍රේෂ්ත්‍රයේ ම ජනප්‍රිය නිළියක් වන උමාලි තිලකරත්න සමග කියන්න කොයි කවුරුත් දන්නවා. නමුත් ඔවුන් අතර ඇති වෙන්නා වූ ගැටලුකාරී තත්ත්වයන් නිසා මේ වෙද්දි දෙදෙනාම ඒ විවාහ ජීවිතයට සමුදීලා තමයි ඉන්නේ.

කෙසේ නමුත් ඊළඟට සාරංග ජීවිතය ඉදිරියට ගෙනියන්න තෝරගන්නේ දිනක්ෂිව. ඉතින් ඔවුන් විවාහ වෙලා ගත කරපු ඒ සුන්දර කාලය තුළදී ආදරණීය දෙමව්පියන්  වී ඒ බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගත්තා. පසුගිය දිනක මේ පවුලට කිරි සිනහ අරගෙන ආවේ සිඟිති දියණියක්.  මේ සොඳුරු දියණිය නිසාම මේ පවුලේ සතුට දෙගුණ තෙගුණ වුණා කියලා තමයි ආරංචි වුණේ.

ඒ නිසාම සාරංග සහ දිනක්ෂි ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඒ වගේම නිතරම ඔවුන් පිළිබඳව සොයා බලන රසිකයන්ට දැක බලා ගැනීම සඳහා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ පින්තූර රැසක් ම සමාජ මාධ්‍ය වෙත මුදා හරිනවා. බොහෝ ඡායාරූප ඇගේ ගර්භණී අවධියේ ගත් ඡායාරූප නිසා බොහෝ දෙනෙක් ඒවට හොඳ කියනවා වගේම නරක අදහසුත් පළ කරලා තිබුණා.

ඉතින් නරක විදිහට බැනපු කීපදෙනෙක්ට සාරංග ප්‍රති උත්තර දෙන්නත් අමතක කරේ නැහැ. ඉතින් ඒ අතරින්  එක්තරා විශේෂ පිළිතුරක් තිබුණා. ඔහු දැමූ ඡායාරූපයකට එක්තරා පුද්ගලයෙක්

‘ලංකාවේ ළමයෙක්  හම්බ වුනු එකම යුවල අපි ගිනස් වාර්තා වලට අරන් ගියාට පින්’

යනුවෙන් ඇතුලත් කර තිබූ අදහසකට සාරංග විසින් ප්‍රති උත්තර දුන්නේ 

‘ඔයාගේ අම්මට ඔයාව වටිනවා වගේම අපටත් අපේ දරුවාව වටිනවා මල්ලි’. යනුවෙන් සඳහන් කරමින්.

කෙසේ නමුත් කෙනකුගේ ජීවිතයට සොඳුරුම අවස්ථාවන්වලදී සුභ පැතීමට  අපි කවුරුත් නිහතමානි විය යුතුයි. ආදරණීය සිඟිති දියණියත් එක්ක සුවසේ කාලය ගතකරන මේ පුංචි පවුලට ඉදිරියේදී සතුටින් ම සිටින්නට වාසනාව උදා වේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.