Gossip Lanka

රෝගාතුරව ප්‍රතිකාර ලබන සරත් චන්ද්‍රසිරි මහතා වෙනුවෙන් සෙත් පතා විවිධ පින්කම්

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් සිනමාව තුළත් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරපු ඒ වගේම තමන්ට ලැබෙන චරිතයට ඉහළම සාධාරණත්වයක් ඉෂ්ට කරපු දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සරත් චන්ද්‍රසිරි කියලා කියන්නේ. බොහෝ වෙලාවට හාස්‍යඋත්පාදක නළුවෙක් විදිහටත් සම්භාවනීය චරිතයන් නිරූපණය කළ රංගන ශිල්පියෙක් විදියටත් අපිට ඔහුව පුංචි තිරයෙනුත් සිනමාවෙනුත් දැක බලා ගන්නට අවස්ථාව උදා වුණා.

පසුගිය දිනවල හිරු නාලිකාවේ විකාශය වූ රැල්ල වෙරලට ආදරේ කියන ටෙලි නාට්‍යයේ තෝමස් කියන චරිතය හරහා ඔහු බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. නමුත් හදිසියේම ඇතිවූ යම්කිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත වෙනවා.

රෝහල් ගත වුනාට පස්සේ ගොඩක් දෙනෙක් සඳහන් කළේ සරත් චන්ද්‍රසිරි මහත්මයා ජීවිතයෙන් සමුගෙන ගිහින් කියලා. ඉතිං මේ විදිහට අසත්‍ය පුවත් ප්‍රචාරය කරපු ගොඩක් දෙනෙක්ට කලා ලෝකේ කලාකරුවන් වන මිහිර සිරිතිලක දයාන් විතාරණ නැමැති ප්‍රසිද්ධ කලාකරුවන් බැන බැදුනා.

 ඒ ප්‍රවෘත්ති වැරදි ප්‍රවෘත්තිය වන  අතර ඔහු මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මොලේ අභ්‍යන්තරය රුධිර ගැලීමක් හේතුවෙන් ඉතාමත් අසාද්‍ය තත්වයේ පසු වෙනවා කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔහුගේ රෝගී තත්ත්වයෙන් ඉක්මනින්ම ගොඩ එන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා දිවයිනේ බොහෝ ප්‍රදේශ වල මේ කලාකරුවා උදෙසා සෙත් පතා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ අතරින් පසුගිය දිනක ඔහුට දීර්ඝායුෂ පතා ගවයෙකුට අභය දානය දෙන්නත් ඥාති හිත මිතුරන්  කටයුතු කළා.

මේ වන විටත් දැඩි වෛද්‍ය ප්‍රතිකාර හමුවේ පසුවන සරත් චන්ද්‍රසිරි මහතාට අසාධ්‍ය තත්ත්වයෙන් මිදී නැවත වතාවක් සුවහසක් රසික පිරිස අමන්දානන්දයට පත් කිරීම උදෙසා රංගන කාර්යය කිරීමට  ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.