Gossip Lanka

දින 21ක් දැඩිසත්කාර ඒකකයේ සිටි සරත් චන්ද්‍රසිරි මහතා ජීවිතෙන් සමු ගනී.

වේදිකාවෙන් ටෙලිනාට්‍ය ශේස්ත්‍රයට පැමිණ පැමිණි කොයි කවුරුත් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වු පුද්ගලයෙක් තමයි සරත් චන්ද්‍රසිරි රංගන ශිල්පියා කියලා කියන්නේ. තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට  තාත්ත්විකව රංගනයෙන් දායක වෙන්න අපුරු හැකියාවක් දැක් වූ ඔහු වර්ෂ 1964 ජූනි මස 13 වන දින තමයි මේ ලෝකයට උපත ලබන්නේ.

පානදුර ප්‍රදේශයේ ජීවත් වෙන ඔහු වෑකඩ බෞද්ධාලෝක  විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරනවා. ඔහු විවාහ වෙන්නේ චාරිකා ජයමාලී නැමැති තැනැත්තියක් සමඟයි. මේ විවාහයෙන් දුවෙක් සහ පුතෙක් ඔහුට සිටිනවා.

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළින් හොඳ අත්දැකීමක් ලබා ගන්නා සරත් චන්ද්‍රසිරි මහතා විසින් රඟපෑ වේදිකා නාට්‍ය අතර අබුද්දස්ස කෝලම,අන්දරේලා ,දෙන්නෙක් නෑ එක්කෙනයි ,කෝ කුක්කෝ ,මීහරක් ,රාජ කපුරු,තල මල පිපිලා ,කොලොම්පුරේ ආදී නාට්‍යයන් කවදාවත් ප්‍රේක්ෂකයන්ට අමතක කරන්න බැරි නිර්මාණයන් වුණා.

ඒ වගේම ඔහු විසින් රඟ පෑ  ටෙලි නිර්මාණ අතර මේ දවස් වල විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයත් ඊට අමතරව අඩෝ ,දම්සාරි ,හඳපාන ,පබා ,සිදු,වසන්ත කුසලානය ,සිහින සමාගම ,මහවිරු පණ්ඩු ආදී ටෙලි නිර්මාණයන් අදටත් ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධයි.

එයට අමතරව ඔහු විසින් රඟපෑ චිත්‍රපටි අතර  රාජ්‍ය සේවය පිණිසයි,බහුබූතයෝ ,ලේ කිරි කදුලු ,සමනල තටු,රන් කෙවිට,ආදර නිර්මාණයන්  හඳුන්වා දෙන්නට පුළුවන්. මෙතරම් විශාල සේවයක් ඉෂ්ඨ කරපු  සරත් චන්ද්‍රසිරි මහතා ජීවිතයෙන් සමුගන්නා විට කොළඹ ජාතික රෝහලේ මොළේ අභ්‍යන්තර රුධිර ගැලීමක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියා.

මේ ආකාරයෙන් දින විසි එකක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු  අවාසනාවන්ත ලෙස අද දින මේ ලෝකෙන් සමු ගන්නවා. ඉතින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ටත් සිනමාවටත් වේදිකා නාට්‍ය කලාවටත් විශාල සේවයක් ඉටු කරපු ඔහුගේ නාමය කවදාවත් අපිට අමතක කරන්නට බැහැ. ඉතින් සොදුරු කලාකරුවාණනි ඔබට සුබ ගමන්.