Gossip Lanka

මගේ රත්තරන් මල්ලි මාස3ක් ගිහින් මට හිත හදාගන්න බැහැ සසන්ති ආදරණීය මල්ලි වෙනුවෙන් නැවතත් සංවේදී වෙයි

සසන්ති ජයසේකර කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාව තුළ දැකගන්නට ලැබුණු රූමත් ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ටෙලි නාට්‍ය කලාවට අමතරව සිනමාවේ දක්ෂ සිනමා නිළියක් වශයෙන් අපිට ඇයව නොයෙකුත් නිර්මාණ වලින් දැක බලා ගන්නට අවස්ථාව උදා වුණා.

සසන්ති මේ වන විට කලාවෙන් ඈත්වෙලා ඇතිවූ යම් කිසි මතභේදාත්මක ගැටලු නිසා ලංකාවෙන් යනවා. ඇය මේ වන විට විදේශ රටක ජීවත් වෙමින් කාලය ගත කරනවා කියලා තමයි ආරංචියි. සසන්ති විවාහ වෙලා ඉන්නේ විදේශීය පුද්ගලයෙක් සමඟයි. මේ වන විට ඇයට ආදරණීය පුතෙක් ඉන්නවා.

පසුගිය දවස්වල සසන්ති ජීවිතයේ ඉතාමත් දුෂ්කර කාලයක් පසු කරනවා. ඒ කියන්නේ ඇගේ ආදරණීය සොහොයුරා  ලෙස හඳුන්වන පුළුන් නමැති තරුණයා හදිසියේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වීමත් සමගයින්. ආදරණීය මල්ලී ජීවිතයට සමු දුන්නට පස්සේ සසන්තිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා.

ඇය මේ වේදනාවන් නිතරම තමන්ගේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරගන්නට පෙලඹුනා. බොහෝ අවස්ථාවන්වල දී ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිනුම සරසන්නේ  ආදරණීය සොහොයුරාගේ ඡායාරූපවලින්. පසුගිය දවසක  මල්ලි ජීවිතෙන් සමු ගෙන තුන් මසක් ඉක්ම වූ නිසා ස්වාමින් වහන්සේලාට දානමය පින්කමක් පවත්වන්න සසන්ති තීරණය කරනවා.

ඒ අවස්ථාව පිළිබඳව ස්වාමීන් වහන්සේලාට ස්තුතිවන්ත වෙමින් ඇය නැවත වතාවක් තමන්ගේ ආදරණීය මල්ලි සිහිපත් කරමින් සංවේගී සටහනක් සමාජ මාධ්‍ය වෙත ඉදිරිපත් කරනවා. එහි තවදුරටත් ඇතුලත් වී තිබුණේ පහත ආකාරයේ සංවේදී අදහස් කීපයක්.

බෞද්ධයකු වශයෙන් අපගේ ආදරණීය සොහොයුරා වන පුළුල් වෙනුවෙන් මාස තුනක ආගමික වතාවත් පැවැත්වීම අපේ ආගමේ කොටසක්. ඇත්තටම මට කණගාටුයි  මට තවමත් මගේ සහෝදරයා වෙනුවෙන්  අභාවප්‍රාප්ත වූ වචනය භාවිත කළ නොහැකියි. මගේ රත්තරන් මල්ලි මාස තුනක් ගත වෙලා මගේ ජීවිතය කැබලි වලට කඩා වැටී ඇති බවක් මට දැනෙනවා. මම දන්නවා ඔයා මාව මේ ආකාරයෙන් දැකීමට කැමති නැහැ කියලා. තාමත් අම්මා ඔයාගේ කටහඬ අහන්න ආසාවෙන් දවල් දොළහ වෙනකම් බලන් ඉන්නවා. ඔයා අපිට මතකයන් ගොඩක් හැදුවා.

මල්ලි මට ඔබව මේ මොහොතේ පියවි ඇසින් දැකිය නොහැකි නමුත් ඔබ ඔබේ සුවඳ ඔබේ ආදරය හැම දිනකම මා සමග ජීවත් වෙනවා. මට අවශ්‍ය මගේ මේ උපතේදීම ඔබව යළි දැක ගැනීමටයි. මගේ මල්ලි ඔබට උතුම් නිවන් සුව ලැබේවා.

මේ ආකාරයෙන් ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ ආදරණීය මල්ලිගෙ තෙමස් පූර්ණ පිංකමට සහභාගි වෙමින් සංවේදී අදහස් කිහිපයක් එකතු කරලා තිබ්බා. ජීවිතය කියන්නේ අනිත්‍ය වූ දෙයක්. මේ ලෝකෙත් අපි ආවා වගේම මේ ලෝකෙන් කොයි මොහොතෙ හරි අපි යන්න ඕනේ. ඉතින් ඒ අනිත්‍යතාවය තේරුම් අරගෙන  ජීවිතයට මුහුණ දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ඇයට  ප්‍රාර්ථනා කරන අතර ඇගේ ආදරණීය සොහොයුරාට උතුම් නිවන් සැපත  ප්‍රාර්ථනා කරන්නෙමු.