Gossip Lanka

අවුරුදු විස්සක් ගිහාම ද හොඳම නිළියට නම් කළේ ඇයි එතකං රඟපෑවේ නැද්ද සේමිණීගෙන් සැර කතාවක්

රංගන ක්ෂේත්‍රය තුළ කොයිකාගෙත් ආදරේ දිනා ගත්තු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියලා කියන්නේ. 2017 වර්ෂයේ දී පැවැත්වූ ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා වූ ජනාධිපති සම්මානය හිමිකර ගත්තේ ඇයයි. හොඳම නිළිය විදිහට ඇය ජීවිතේ සම්මාන ලබාගත් ප්‍රථම අවස්ථාව එක.

කොළඹ මියුසියස්  විද්‍යාලෙ ඉගෙන  ගන්නා ඇය විවාහ වෙන්නෙ පොලිස් සේවයේ නියුතු නිලධාරීන් එක්ක. ඉතින් එක්තරා දවසක දයාන් විතාරණ මහත්මයා ඇගේ ෆොටෝ කීපයක් ගන්නවා. ඊට පසු මේ ෆොටෝ ටික ඔහු ශ්‍රියානි අමරසේකරට පෙන්නනවා. ඊටත් පස්සෙ  ශ්‍රියානි අමරසේකරගෙ ඉරබටු තරුව නිර්මාණයේ  ශ්‍රියානි මහත්මිය ගේ තරුණ කාලේ නියෝජනය කරලා රඟපාන්න ඇයට අවස්ථාව උදා වුණා.

එදා ඒ ඡායාරූප කිහිපයකින් අහම්බෙන් රංගන ශිල්පිනියක් වූ ඇය සිනමාව තුළ කොයි කාගේත් ආදරය දිනාගත් දක්ෂ නිළියක් බවට පත්වෙලා අවසන්. සේමිණී සීමිත ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ කිහිපයකට  දායක වුණත් ඒ නිර්මාණයන් තාමත් ප්‍රේක්ෂකයන් ද හදවතේ තියෙනවා. ඒ පිළිබඳව සේමිණි අදහස් දැක්වුවේ මේ ආකාරයෙන්.

ඇත්තෙන්ම මම සිනමා නිළියක්. ටෙලි නාට්‍යවල රඟපාලා තියෙන්නේ හොඳට තෝරා ගෙන. මේ කාලේ හැදෙන ටෙලිනාට්‍ය ගණනාවකටම මට ආරාධනා ආවා. අද බොහෝ අය කරන්නේ නිර්මාණ නෙවෙයි නිෂ්පාදන. නළු නිළියන්ට තියෙන්නෙ කුලී වැඩ. දවසට මෙච්චරයි කියා නිෂ්පාදක කම තීන්දු කරලා කතා කරන්නේ. මම කුලියට රඟපාන්නෙ නැහැ. අනික හොඳ නිර්මාණ ඉතාමත් අඩුවෙන් හැදෙන්නේ.

එහෙම කියන සේමිණි අවුරුදු විස්සකට පස්සේ හොඳම නිළිය සම්මානයක් ලබන සුදුසුකම් ලබනවා. නමුත් මේ සම්මාන උළෙල නියෝජනය කරන්න නම්  ඇය යන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව අවුරුදු විස්සක් ම යනකං ඇයට ඇයි හොඳම නිළිය සම්මානය ලැබෙන්න කල්ගියේ එතකං රඟපෑවේ නැද්ද  කියලා ඇය ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ සම්මානය ඇය වෙනුවෙන් වෙනත් පුද්ගලයෙක් ලබාගන්නවා. නමුත් ඒ සම්මානය ලබාගන්න තිබිල තියෙන්නෙ එදා ශ්‍රියානි අමරසේන මහත්මියගේ අතින්. ඉතින් ඒ පිළිබඳව නම් ඇයට පුංචි දුකක් තිබුණා කියලත් සඳහන් කරනවා. ඒ ගත්තු සම්මානය ඇය තාමත් දැක්කේ නැහැ කියලත් ප්‍රකාශ කළා.

මේ වෙද්දි සේමිණි ආදරණීය දියණියකගේ මවක්. ඇය දුව රංගන ක්ෂේත්‍රයට එනවට නම් කිසිසේත් කැමති නැහැ. ඒකට ප්‍රධානම හේතුව මේ රටේ නිළියක්ට තියන තත්වය ඇය දන්න නිසා. බැරිවෙලාවත් දුවගේ කැමැත්තෙන් නිළියක් වුණොත් ඒ පිළිබඳව මුකුත් ඇය කියන්නෙ නැහැ කියලා සඳහන් කළා.

සේමිණී කියලා කියන්නේ වෘත්තියෙන් රංගන ශිල්පිනියක් නෙවෙයි. ඇයටම කියලා වෙන්වුණු ව්‍යාපාරයක් මේ වෙද්දි තියෙනවා. ඒ නිසා රංගනය මත යැපෙන්නේ නැතුව ව්‍යාපාර බලාගෙන දුවත් එක්ක ආදරෙන් ඉන්නවා කියලා තමයි සේමිණී සඳහන් කළේ. මේ වෙද්දී ඇයට ආදරණීය බලු සුරතලෙක් ඉන්නවා. ඒ පිළිබඳව සේමිණී  ආදරණීය ලෙස අදහස් දැක්වුවේ මෙහෙම  එයා තමයි මගේ ලව් එක අම්මෝ කෙල්ලට වැඩිය මම බල්ලට ආදරෙයි අනේ එයා මාර හුරතල්.

සේමිණි ඇගේ ජීවිතය ගතකරන ආකාරය පිළිබඳව අදහස් දැක්කුවේ ඒ අයුරෙන්. ඉතින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් විවිධ රංගනයන් ඔස්සේ අප හමුවට මේ සොඳුරු කලා කාරිණියගේ ඉදිරි ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි සුභ පැතුම් එක් කරන්නෙමු.