Gossip Lanka

එයත් එක්ක ගත්තු අන්තිම පින්තූරෙ මං දුක් වෙන්නෑ හිනාවෙලා ඔයාව මතක් කරනවා

සිනමාවෙන් කලා ලෝකයට ඇවිල්ලා කලා ක්ෂේත්‍රයේ නමක් රැන්දූ සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ. ඇය නිරන්තරයෙන්ම නිරූපණය කළේ ගැමි සුන්දර අහිංසක තරුණියන්ගේ චරිතයි. ඒ නිසාම වෙන්න ඇති ගොඩක් දෙනෙක් සෙනාලි කියන චරිතයට මේ විදිහට  ආදරේ කරන්න පටන් ගත්තේ.

සිනමාවෙන් කලා ලෝකයට ආපු මේ සුන්දර රංගන ශිල්පිනිය මේ වෙද්දි ටෙලි නාට්‍ය හරහා දැකබලාගන්න අපිට අවස්ථාව උදා වෙලා. ඒ ඇය විසින් රංගනයෙන් දායක වන නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය සුදු චූටි කියන චරිතය නිසයි. මේ චරිතයටත් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් මේ වෙද්දි  ඇයට හිමි වෙනවා.

මාලනී ෆොන්සේකා  කියනනේ මේ ආදරණීය කලා කාරිණියගේ නැන්දණිය. ඒ නිසාම ඇයට හැකියාව ලැබුණා බොහෝ අත්දැකීම් ඒ වගේම බොහෝ පුහුණුවීම් ඇය ගෙනුත් ලබාගන්න. ඉතින් සෙනාලි කියන්නේ ප්‍රවිණ කලාකාරිනියක් හා සමාන දක්ෂතා පෙන්වන දක්ෂ රංගන ශිල්පිනියක් කියන්න අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.  ඒ නිසාම සෙනාලි නිරන්තරයෙන්ම සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.

මේ සුන්දර කලාකාරිනිය අධ්‍යාපන ලබන්නේ විදෙස්ගත වෙලා. ඇය මේ වන විට උපාධියත් අවසන් කරලා කියලා ආරංචියි. ඒ වගේම තමයි බොහෝ කාලයක් විදෙස් ගත වෙලා තමයි සෙනාලි ජීවත් වුණේ.මොකද ඇගේ පියාත් ඒ විදිහට විදෙස්ගත වෙලා ජීවත් වුණ පුද්ගලයෙක් නිසා ඇය හිටියේ ආදරණීය ආදරණීය තාත්තා ගාව.

සෙනාලිගේ ආදරණීය පියා ගැන කතා කරද්දි ඇත්තටම ඒක හරිම අවාසනාවන්ත කතාවක්. මොකද කියනවනම් පසුගිය කාලසීමාව තුළදී දරුණු විදිහට ලෝකය පුරා  පැතිරුණු වසංගත රෝගී තත්ත්වය නිසා ඇගේ පියාත් අසනීප වුණා. ඒ අවස්ථාවේදී ඔහු අවාසනාවන්ත ආකාරයෙන් ජීවිතයට සමු දුන්නා. ඒ වෙනකොටත් සෙනාලි හිටියේ ලංකාවෙ නිසා ඇයට  තමන්ගෙ තාත්තව බලන්න යන්න අවස්තාව උදා වුණේ නැහැ.රෝහලේ දී ඇය අවසාන දුරකථන ඇමතුම ගත්තට පස්සේ ආයේ තාත්තත් එක්ක කතා කරන්න හම්බ වෙලත් නෑ.ඒ දුක වේදනාව සියල්ලම එක්ක ඇය ජීවිතයේ බොහෝ කාලයක් දුක් විඳ කියලත් සඳහන්.

ඔන්න නැවත වතාවක් ඇය  මුහුණු පොත හරහා ඒ ආදරණිය තාත්තගේ මතකයන් හුවමාරු කරගෙන තිබුණා. ඒ අද උතුම් ලෝක පියවරුන්ගේ දිනය නිසයි. ඇය සංවේදී සටහනක් තමන්ගේ තාත්තා වෙනුවෙන් එකතු කරන්නත් අමතක කළේ නැහැ. සෙනාලි විසින් ඒ විදියට පළ කෙරුණු සටහන පහතින් උපුටා දක්වා ඇත.