දැන් දුවට මාස තුනක් බබා ලැබෙන්න ඉද්දි මට අමාරු උනා මාස නවයම වමනෙ ගියා. මං කළු වුණා කැත වුණා
සෙව්වන්දි නයනතාරා කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර තමන්ගේ දක්ෂතාවය තුළින් ටෙලි නිර්මාණයක් හරහා ප්‍රසිද්ධ වෙච්ච කලාකාරිනියක්.ඇය ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා රංගනයට එන්න වරම් ලබා ගත්තේ.ඒ විදිහට රංගනයත් එක්ක එකතු වෙච්චි ඇය පසුගිය කාල සීමාවේදී නම් වැඩිපුර පුංචි තිරයෙන් දැක බලාගන්න අවස්ථාව ලැබුණේ නැහැ.
ඒකට හේතුව ඇය විවාහ වීමත් සමගම කලාවෙන් ටිකක් විවේක ගත්ත නිසා වෙන්න ඇති.ඒත් එක්කම උතුම් මව් පදවිය ලබන්න වාසනාව ලැබීමත් එක්ක මේ වෙද්දි සම්පූර්ණයෙන්ම මව් භූමිකාව වෙනුවෙන් තමයි තමන්ගෙ කාලය කැප කරලා වෙන් කරලා තියෙන්නේ.
ඉතින් මවක් වීම නිසාම තව අවුරුද්දක් විතර යනකන් වත් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.හැබැයි සැමියා කියනවලු සැමියා දරුවව බලාගන්නං ආසාවෙන් කරපු දේට ආයෙමත් යන්න කියලා.හැබැයි දුවට අවුරුද්දක් විතර උනාට පස්සේ නිර්මාණයක් ආවොත් ඒ ගැන හිතලා බලලා බාරගන්නවා කියලත් සෙව්වන්දි සඳහන් කළා
ඒ වගේම තමයි ඉස්සෙල්ලාම මවක් වෙච්ච ඇයට මේ අත්දැකීම ලොකු අත්දැකීමක්.ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.
“බබා ලැබෙන්න හිටපු මුල් කාලේ මම ටිකක් කලු වුණා කැත වුණා.ගොඩක් අය කිව්වේ එහෙම උනහම පුතෙක් හම්බ වෙන්න ඉන්න කියලා.හැබැයි මාස තුනක් විතර ගියාම ආයෙත් ලස්සන අපි දෙන්නම දුවෙක්ට කැමැත්තෙන් හිටියේ.බබා ලැබෙන්න ඉද්දි මට ටිකක් අමාරු වුනා මාස නවයම වමනෙ ගියා.දුව වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා හැඟීමක් එනවා.බබාගෙ වැඩ වලට මගේ අම්මා පුංචි අම්මා ආච්චි මේ හැමෝමත් සෑහෙන්න උදව් කරනවා”
ඒ හැමෝගෙම සහයෝගයත් එක්ක ආදරණීය සැමියාත් දියණිය ඉපදුනු දවසෙ පටන්ම ඇය වෙනුවෙන්ම කැප වෙලා දිවා රෑ නොතකා සියලුම දේවල් හොයලා බලලා කරනවා කියලත් ඇය සඳහන් කළා.ඉතින්න් දියණියත් ලොකු උනාට පස්සේ ආයෙමත් සැරයක් කලාවත් එක්ක සම්බන්ධ වෙන්න මේ සුන්දර රංගන ශිල්පිනියට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.