Gossip Lanka

පෞද්ගලිකව මම ඇඟ පේන විලාසිතා කිසිම වෙලාවක තෝර ගන්නෙ නැහැ

ගායන ලෝකය තුළ සුන්දර කටහඬකට උරුමකම් කියන ඒ වගේම දෙමවුපියන්ගේ දක්ෂතාවය සහ ඒ උරුමය ඉදිරියට ගෙන යන්න ගායන ලෝකෙට  පහළ වූ ආදරණීය චරිතයක් තමයි සෙව්වන්දි රණතුංග  කියන්නේ. ශ්‍රී ලාංකීය සංගීත ලෝලීන්ගේ ගෞරවයට ආදරයට පාත්‍ර වෙච්ච සුන්දර කලාකාරිනියක්. ඇය රණතුංග පවුලේ ආදරණීය එකම දියණිය විදයට තමයි හැදී වැඩෙන්නේ.

මේ දිනවල ඇයගේ කලා කටයුතු පිළිබඳව කථා කරද්දී දෙරණ රූපවාහිනිය 60 plus සංගීත වැඩසටහනේ විනිසුරුවරියක් විදිහටත් ඇය කටයුතු කරනවා. ඊට අමතරව ගායිකාවක් ලෙස ගායන ක්ෂේත්රය තුළ දිගටම ඉන්න නිසා ටිකක් කාර්යබහුල තාවයකින් වැඩ කටයුතු කරනවා කියලත් ඇය සඳහන් කළා.

සෙව්වන්දි ගැන කතා කරද්දී ඇය  හැමදාමත් ලස්සනට අඳින්න ඒ වගේම ලස්සන ලස්සන ඇඳුම් අවශ්‍ය විදිහට  මැච් කරන්න ගොඩක් දක්ෂ කෙනෙක්. විලාසිතා ගැන කතා කරද්දි පෞද්ගලිකව ඇය කියන දෙයක් තමයි චරිතය විනාශ කරගෙන විලාසිතා අපි නොකළ යුතුයි කියන දේ. විලාසිතා  සම්බන්ධයෙන් එක්තරා අවස්ථාවකදී සෙව්වන්දි සතිඅග පුවත්පතකට ඇයගේ අදහස ඉදිරිපත් කළා.

“මම තාම තරුණයි කියලා හිතේ තියාගෙන තමයි මම මට ගැළපෙන විලාසිතා තෝරගන්නේ.පෞද්ගලිකව මම ඇඟ පේන විලාසිතා කරන්න කැමති නැති කෙනෙක්.මම සහභාගි වන තැන අනුව කුමන විලාසිතාවක් තෝරා ගත යුතුයි ද යන්න තීරණය කරනවා. ගැලපෙනම දේවල් තෝරා බේරාගෙන විලාසිතා කරන නිසා අද වෙනකන් කිසි කෙනෙකු ගෙන් සෘණාත්මක කතාබහක් මට ලැබිලා නැහැ”

ඒ විදිහට අදහස් දක්වන ඇය කියනවා ඉන්දියානු සම්ප්‍රදාය විලා සිතා ඇයට විශේෂයෙන් ගැලපෙනවා කියන දේ.ඇයට බොහොම පුංචි ඇඟක් තියෙන නිසා අම්මලත් ඇය සාරි අදිනවට වැඩිය කැමති නැහැ කියලත් කිව්වා ඒ වගේම තමයි ඇය ආසම පාට සුදු පාට. නමුත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය කරන විදිහට ඇඳුමෙන් සැනසෙන්නත් ඇය අමතක කරන්නේ නැහැ.  ඒ වගේම තමයි ඇය විලාසිතා කරද්දි කිසිම කෙනෙක් අනුකරණය කරන්නේ නැහැලු. හැකි සෑම අවස්ථාවකදීම ඇය කරන්නේ ඇයට ඕනේ විදිහෙ විලාසිතා. ඒ වගේම ගොඩක් දෙනෙක් අය කරන  විලාසිතා දිහා බොහොම ආදරෙන් බලන් ඒ දේවල් අගය කරනවා කියලත් සඳහන් කළා.

ඉතින් මේ විදියටම තවත් බොහෝ කාලයක් නිහතමානී ගායකයා වක් ලෙස ක්ෂේත්රය තුළ දැන් දෙන්නට ඇයට වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා ය කරන්නෙමු.