මට තවම අවුරුදු විසි දෙකයි මම fashion designer කෙනෙක් වෙන්න තමයි හිතාගෙන හිටියේ.
මේ දිනවල විකාශය වන ලොක්කී ටෙලි නිර්මාණය හරහා ප්‍රධාන චරිතයකින් කරළියට එන මේ සුන්දර රංගන ශිල්පිනිය ශලනි ප්‍රනාන්දු.ඇය කලාවට අවතීර්ණ වෙන්නේ 2017 වර්ෂයේ දී දෙරණ රූපවාහිනිය අවුරුදු කුමරිය ලෙස කිරුළ හිමිකර ගැනීමත් සමඟයි.
ඊට පස්සේ ඇයට අවස්ථාවක් හිමි උනා දේවැනි ඉනිම ටෙලි නිර්මාණයේ චරිතයක් රඟපාන්න.කොහොමහරි ඒ චරිතය තුළින් තවත් ප්‍රසිද්ධ වෙච්ච ශලනි අද වන විට දෙරණ නාලිකාවේ ම නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.ඉතිං අවුරුදු කුමාරි උනාට පස්සේ කලාවට දොරගුළු විවර වුණු විදිහ පිළිබඳව ශලනි කිව්වේ මේ වගේ කතාවක්.
“එදා 2017 වර්ෂයේ දී දෙරණ අවුරුදු කුමරිය තරගයට අයදුම් පත දාන්නේ මගේ පුංචි අම්මා. ඇය හැම අවුරුද්දක ම මගේ උපන් දිනය සැමරීමේ අවස්ථාවට අපේ ගෙදර එනවා.එතකොට හැමදාම මගෙන් දැන් වයස කීයද කීයද අහනවා.ඊට පස්සේ 18 වෙනකොට එයා තමයි දෙරණට මගේ අයදුම්පත දැම්මෙ.ඊට පස්සේ දෙරණින් මට එන්න කියලා තිබ්බා මම ගිහින් එදා දෙරණේ අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වුණා ඒ දිනන්නම හිතාගෙන නෙවෙයි අත්දැකීමක් ලබාගන්න හිතාගෙන.ඊට පස්සේ ජයග්‍රහණය කරහම මට දෙරණින් කතා කරලා දෙවෙනි ඉනිම ටෙලි නිර්මාණය ලිහිණි කියන චරිතයට අවස්තාවක් දුන්නා.”
අද වන විට නං ඇය මේ ලිහිණි කියන චරිතය තුළ දෙවෙනි ඉනිමේ රංගනයෙන් දායකත්වය දක්වන්නේ නැහැ කෙසේ නමුත් අලුත්ම චරිතයකින් කරළියට එන අය රංගන ශිල්පිනියක් ම විතරක් නෙවෙයි. ඇය කරන්න බලාපොරොත්තු වෙන අනිත් අරමුණ ගැන කිව්වේ මේ වගේ කතාවක්.
“fashion designer කෙනෙක් වෙන්න තමයි මම හිතාගෙන හිටියේ ඉතින් මං ඒ පැත්තෙන් ඉගෙන ගත්තා දැන් ඒ සම්බන්ධව උපාධියක් කරන්නත් සූදානමින් බලාපොරොත්තුවෙන් ඉන්නවා.දැනට ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට වැඩ වැඩ කටයුතු කරගෙන යනවා. “
ඉතින් ඒ ආකාරයෙන් වැඩ කටයුතු කරන ඇයට ඇයගේ අනාගතය දිනෙන් දිනම සුභ වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.