Gossip Lanka

තිස් එක් වැනි උපන්දිනය වෙනුවෙන් ශලනි මුහුණු පොතට එකතු කළ සටහන

ශලනි තාරකා කියලා කියන්නේ කාලෙන් කාලෙට ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වුනු නිළියක්. විටෙක ප්‍රසංසා ඒ වගේම විටක විවේචන එල්ල වුණත් ඇය ඒ ගල් බොරළු නින්දා ප්‍රශංසා මැද ජීවිතය ඒ වගේම කලා ලෝකය ජය ගන්නටත් හැකියාව ලබා ගත්තා.

ශලනි කියන්නේ දක්ෂතම ඒ වගේම ජනප්‍රියතම නිළිය වශයෙන් සම්මාන දිත්වය එක වරම ලබා ගත් රංගන ශිල්පිනියක්. ඒක තමයි ඇගේ රංගනයට ලැබුණු ඉහළම උපහාරය. ශලනි විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි,අඩෝ ,සිහින ගෙනෙන කුමාරියේ ආදී ටෙලි නිර්මාණයන්ද මේ දින වල වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔස්සේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයද  ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මැද ඉහළම තැන තියෙනවා.

මේ වෙද්දි තාමත් තනිකඩ ජීවිතයක් ගත කරන ඇය පසුගිය දින තම ජීවිතයේ තිස් එක් වැනි ජන්ම දිනය සැමරුවා. මේ සඳහා කලා ලෝකයේ ප්‍රසිද්ධ කලා තරු රැසක් ම ඇයට සුබ පතන්න එකතු වෙලා සිටියා . ශලනි ගේ පවුලේ ළඟම හිත මිතුරන් කීපදෙනෙක් එකතු කරගෙන ලස්සනට පුංචි සාදයක් දාන්න ශලනි අමතක කළේ නැහැ.

ඉතින් තමන්ගේ තිස් එක් වැනි ජන්ම දිනය දවසේ මුහුණ පොතේ අපූරු පණිවිඩයක් ශලනි විසින් පළ කරනවා. ඇය මේ ආදරණීය දවස ආරම්භ කළේ ඒ පණිවිඩය සටහන් කරමින්. එනම්,

its my 1st day of 31st year today thank you so much all your lovely birthday wishes im so glad to receive all your love much love

අද මගේ 31 වන වසරේ පළමු දිනයයි ඔබගේ ආදරණීය උපන්දින සුබ පැතුම් වලට බොහොම ස්තුතියිඔබගේ සියලු ආදරය ලැබීම ගැන මම සතුටු වෙමි.ගොඩක් ආදරෙයි.ඒ පණිවිඩයේ සඳහන් වෙලා තිබුනේ එයයි. ඉතින් මේ වෙද්දී තිස් එක් වැනි වියට පා තැබූ ශලනි තාරකා නැමැති මේ සොඳුරු රංගන ශිල්පිනියට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.