Gossip Lanka

මම කැමතියි ඉක්මනින් බදින්න ශනුද්‍රිගේ ගතිගුණ හරි හොඳයි අවුරුදු 4ක ඉඳන් අපි යාළුයි

මේ දිනවල බොහෝ දෙනෙක් ආදරේ කරන  නව පරපුරේ  නැගී එන ගායකයෙක් විදියට හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි දිනේෂ් ගමගේ කියන්නේ. ඔහු තරුණියන්ගේ හිත ගත්ත තරුණ ගායකයෙක් කිව්වොත් නිවැරදියි. පසුගිය කාලයේ අතිශයින් ජනප්‍රිය වූ වෙරලුමල්  ගීතය ගායනා කරන්නෙත් දිනේෂ් විසින්. මේ විදිහට ජනප්‍රිය ගීත ගොන්නක් ම ගායනා කරපු මේ නව පරපුරේ සුන්දර ගායකයා මේ විදිහට ක්ෂේත්රය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නේ විවිධාකාරයේ අභියෝග වලට මුහුණ දීලා. ඒ ආ ගමන් මඟ පිළිබඳව දිනේෂ්  අතීතය  මතක් කළේ මේ විදිහටයි.

“මට ඉස්සෙල්ලම ගීත කියන්න පුලුවන් කියන එක මම දැනගත්තේ උසස් පෙළ කරන කාලේ. මගේ පවුල කිසිම කෙනෙක් සංගීත හැකියාවක් තියෙන අය නෙවෙයි. ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්න තමයි මම ඒ කාලේ ගීත ගායනා කළේ. උසස් පෙළ අවසන් කළාට පස්සේ ඉදිරි අනාගතය සකස් කරගන්නේ කෙසේද කියන එක ගැන මට ලොකු අදහසක් තිබ්බෙ නෑ. රට යන්නත් හිතුවා. ඔය අතරෙ තමයි ලහිරු පෙරේරා සහ මනුරංග විජේසේකර එක්තරා රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා ඔවුන්ගේ සංගීත පාඨමාලාවක් කරනවා ඒකට නවක සිසුන් බඳවා ගන්නවා කියලා කිව්වේ. ඊට පස්සේ මම ඒකට අයදුම් කළා. පස්සේ මට අවස්ථාව ලැබුණා ලහිරු අයියා එක්ක එකට වැඩ කරන්න. ඒ විදිහට තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ මනුරංග අයියා සහ ලහිරු අයියා කියන්නේ අදටත් මගේ ජීවිතය ලඟින්ම ඉන්න දෙන්නෙක්”

ඒ විදියට කියන දිනේෂ් මේ දිනවල තව තවත් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ක්ෂේත්රය අතිදක්ෂ රංගන ශිල්පිනියක් එක්ක ප්‍රේම සබඳතාවක් ගොඩනගාගෙන කියන කතාවත් එක්කයි. ඒ නිසාම ගොඩක් දෙනෙක් මේ ගැන හොයන්න ගත්තා. මේ රංගන ශිල්පිනිය වෙන කවුරුත් නෙමේ අපි කවුරුත් ආදරය කරන ශනුද්රි පියසාද්. මේ පිළිබඳව ගොඩක් දෙනෙක් කතා කළත් ඔවුන් දෙදෙනා තාම පෙම්වතුන් ද නැද්ද කියන එක ස්ථිරවම කාටවත් කියන්න විදිහක් නැහැ. ඒ නිසාම පුවත්පත් සාකච්ඡාවක් අතරතුර දී කලා ලෝකයේ කෙනෙක් එක්ක නේද විවාහ වෙන්න සූදානම් කියලා දිනේෂ්ගෙන් අහපුවාම ඔහු කිව්වේ මේ වගේ දෙයක්,

“කවුද එහෙම කියන්නේ මම නම් දන්නේ නෑ  ආරංචි වෙන හැමදේම ඇත්ත නෙමෙයි. ගොඩක් කෙල්ලෝ විවාහයට කැමැති නෑ මම නං එහෙම නෑ මම ආසයි විවාහ වෙලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. මගේ හොඳම යාළුවා ෂනුද්‍රි ප්‍රියසාද්. අපේ ඒ යාළුකමට දැන් අවුරුදු හතරක්. මගේ රසා ගීතය විකාශය වුණාට පස්සේ එයා මට එස්එම්එස් එකක් එවලා ඒකට ප්‍රතිචාර දැක්වූවා සින්දුව ලස්සනයි කියලා. එදා ඉඳන් අපි අතර ඒ යාළුකම විදිහටම තියෙනවා. මම ආදරය කරන්න ආදරය විඳින්න පුදුම විදිහට ආස කෙනෙක් මම කැමති ඉක්මනින් විවාහ වෙන්න මොකද මම පවුලකට කැමතියි පෙම්වතෙක් ද නැද්ද කියන එක ඉදිරියේදී කියන්නම්”

බොහෝ දෙනෙක්ගේ දැවෙන ප්‍රශ්ණයක් තමයි ශනුද්‍රි හා දිනේෂ් අතර ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනව ද නැද්ද කියන ප්‍රශ්නේ. ඔවුන් දෙදෙනා ඒ සඳහා කිසිම සෘජු උත්තරයක් මේ වෙද්දි දීලා නැහැ. ඒ පිළිබඳව නැවත වතාවක් අහද්දි දිනේෂ් කිව්වේ මේ විදිහ කතාවක්,

“කාලයත් එක්ක ජීවිතයේ හොඳම දේවල් හොඳම විදියට සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා ඒ නිසා මේ ගැන දැනට කිසිවක් කියන්න මම කැමැති නැහැ”

ඔහු මේ විදිහට මුනිවත රකින්නේ එවැනි ආකාරයේ සම්බන්දතාවයක් තියෙන නිසා දෝ කියලා ද බොහෝ දෙනෙක් අද වෙද්දි අහනවා. ඒ කෙසේ නමුත් දිනේෂ් ගමගේ කියන මේ සුන්දර කලාකරුවා ගේ කලා වැඩකටයුතු දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.