Gossip Lanka

මට යාලුවෝ නෑ. කොටින්ම කිව්වොත් නෑදෑයොත් නෑ එයලා මාව අතහැරියා ගේම් ගහන ශෂී නිෂාදී කියන සංවේදී කතාව.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ video game සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණු රැල්ලක් බවට පත්වුණා. බොහෝ තරුණ තරුණියන් මේක ආදායම් උපයන මාර්ගයක් බවට පත් කරගත්තු නිසාත් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වීම නිසාත් බොහෝ දෙනෙක් video game ගහන්න විශේෂයෙන් එෆ්බී ලයිව් ඇවිල්ලා video විඩියෝ ගෙම් ගහන්න පෙළඹුණා.

ඉතින් ඒ විදිහට එෆ්බී ඇවිල්ලා  වීඩියෝ ගේම් ප්ලේ කරපු කොයි කවුරුත් දන්න බොහෝ දෙනෙක් අතර එක රැයෙන් ප්‍රසිද්ධ වුණු  ජනප්‍රිය තාරකාවක් තමයි ශෂි නිෂාදි කියන්නේ.ඉතින් ගොඩක් දෙනෙක් ඇයට නොයෙකුත් ආකාරයේ දේවල් කියලා කියලා බනින්න පටන් ගත්තා මේ දේ නිසා.

ඒ විදිහට විවේචනය කරපු ගොඩක් දෙනෙක් ඇයට චෝදනා කරන්න පටන් ගත්තෙ බාගෙට ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා ලැජ්ජාවක් නැතුව මිනිස්සු ඉස්සරහා නටනවා කියන දේ අල්ලගෙනයි. මේ නිසාම ශෂි පලවෙනි ලයිව් එක එද්දී  ඇය ළඟ හිටපු යාලුවෝ කවුරුත් ඇය ගාව ඉඳලා නැහැ. ඒ කියන්නේ හැමෝම කැත විදිහට බැනලා ඇයගෙන් අයින් වෙලා කියලා ආරංචියි.ඒ වගේම තමයි බොහෝ දෙනෙක් විවිධ ආකාරයේ චෝදනා ඇයට එල්ල කරන්න පටන් අරන්.

එක්තරා අවස්ථාවකදී ශෂි තමන්ගේ පවුලේ අයත් එක්ක වන්දනා ගමනක් ගියපු අවස්ථාවකදී ගෑනු ළමයි කීප දෙනෙක් ඇය ළඟට ඇවිල්ලා තියෙනවා ඇයට බනින්න. ඉතිං ඒ සියළුම අවස්ථාවන් ඇය විසින් මගහැරලා ඒ සියලුම දෙනාට නිහඩ වෙලා ඉදලා උත්තර දුන්නා කියලත් ඇය එක්තරා දවසක ඉරාජ් වීරරත්න සමඟ පැවැත් වූ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවක් අතරතුර දී සඳහන් කළා.

ඉතින් එක රැයෙන් ප්‍රසිද්ධ වෙච්ච මේ තාරකා වියට සඳරු අයියා කියලා අපි කොයි කවුරුත් දන්න ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිර්නාමිකව  තරු දෙන්න පටන් ගත්තා. ඉතින් මේ තරු ලැබෙන ප්‍රමාණය අනුව තමයි මේ වීඩියෝ ගේම් එකෙන් සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට එක දිගට තරු හම්බුන නිසා ශෂීට හැකියාවක් ලැබුණා හොඳ ආදායමක් හම්බකරගන්න.

ඒ නිසාම ගොඩක් දෙනෙක්ට මේක බලන් ඉන්නත් බැරුව ගියා කියලා ඒ සඳහන් කළා. ඒ නිසාම වෙන්න ඇති ඇයගේ ප්‍රදේශයේ එක්තරා මන්ත්‍රී කෙනෙක් පොලිසියට ශෂී කරන මේ දේ පිළිබඳව දැනුවත් කරලා තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒ වගකිවයුතු නිලධාරීන්ගේ අවවාදය වුනේ මේ දේවල් නවත්තන්න ඔයා ගේම් ගහනවා නම් වෙන රටකට ගිහින් ගේම් ගහන්න කියන දේ.

ඉතින් මේ සිදුවීම නිසා ටික දවසක් ශෂී ලයිව් ඇවිල්ලා ත් නැහැ. නමුත් තමන් කරන දේ හරි කියලා දැනුම නිසා ඇය නැවත වතාවක් ආයෙමත් එෆ්බී ඇවිල්ලා video game ගහන්න පටන් අරන්. නිසි නොයකුත් අභියෝගතා මැද්දෙ තමයි ශශි කියන මේ චරිතය අපිට හම්බ වෙන්නෙ.

ඇය මේ යූටියුබ් සාකච්ඡාව අතරතුරදී සඳහන් කරනවා ඇයට හැමදාමත් ඉඳලා තියෙන්නෙ පවුලේ අය විතරයි කියන දේ. අඩුම තරමේ ඥාති හිත මිතුරන් වත් ඇයට ඉඳලා නැහැ. ඒ කිසිම කෙනෙක් ශශි කතා කරන්නෙත් නැහැයිලු.ඒ වගේම ඔයා වගේ කෙනෙක් සහෝදරියක් වෙච්ච එක ඒ වගේම නෑදෑයෙක් වෙච්ච එක ගැන ඇත්තටම අපිට ලැජ්ජයි කියලත්  ගොඩක් ඇයගේ සමීපතම නෑදෑයන් ප්‍රකාශ කරලා තියෙනවා කියලත් ඇය හරිම සංවේදී ව සඳහන් කළා.

 ශෂී සඳහන් කළේ කිසිම අවස්ථාවක ඒ විදියට දෝෂාරෝපණය කරන කිසි කෙනෙක් එක්ක ඇය තරහ නෑ කියලයි. කෙසේ නමුත් ඇයගේ ගමන දිගටම යන්න සූදානමින්. ඉතින් ඒ බාධා අභියෝගතා හමුවේ ඒ සියලුම දේවල් සාර්ථක කරගන්නට ශෂී නිශාදි ට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.