Gossip Lanka

හිටි හැටියෙම රඟපෑමෙන් අයින් වුණු අරගල බිමට ආ 90දශකයේ ජනප්‍රිය නළු ශෂී විජේන්ද්‍ර

සිංහල සිනමාව තුළ තමන් රංගනයෙන් දායක වූ පළමු සිනමා දර්ශනය හරහාම බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට සමත් වෙච්ච එක්කම කලාකරුවෙක් සිටියානම් ඒ ඔහු පමණයි. එදා ඔබට දිව්රා කියන්නම් චිත්‍රපටිය හරහා සුවහසක් ප්‍රේක්ෂක ජනතාව අමන්දානන්දයට පත් කරමින් ජනතාවගේ හදවත් දිනා ගත්ත සොඳුරු කලාකරුවා අපි කවුරුත් දන්න ශෂී විජේන්ද්‍ර මහතායි.

නමුත් මේ විදිහට සිනමාවට තමන්ගේ රංගන දායකත්වයෙන් විශාල සේවයක් ඉටු කරපු ශෂී විජේන්ද්‍ර මහතා හිටි හැටියේම අපිට නැවත වතාවක් කලා ලෝකය තුලින් දකින්න ලැබෙන්නේ නැහැ. වර්ෂ 1995 දී විවාහ වෙන මේ සුන්දර කලාකරුවා දැන් ආදරණීය දරුවන් පස් දෙනෙකුගේ පියෙක්.

ඔහු කලාවෙන් ඈත්වෙලා මාතලේ ප්‍රදේශයේ පදිංචියට ඇවිල්ලා ඉඩමක් මිලදී අරගෙන මහෝගනී වවලා තියෙනවා. ඊට පස්සේ ටයිල් කඩයක් ආරම්භ කරපු අතර වසංගත තත්වය නිසා ඒ කඩේ වහන්න  සිද්ධ වෙලා. මුස්ලිම් ජාතික කලාකරුවෙක් වෙන ඔහු ඇයි මේ කලා ලෝකයත් එක්ක දිගටම වැඩ කටයුතු කළේ නැත්තෙ කියන ගැටලුව බොහෝ දෙනෙක්ට තිබුණා. ඒ නිසාම ඔහු ඒ සම්බන්ධයෙන් සරසවිය පුවත්පතට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ මේ විදිහටයි.

“මම නිසි දේ නිසි කල නිසි වයසේ කළ කෙනෙක්. අවුරුදු 10 කරන දේවල් අවුරුදු 20 කරන්නත් බැහැ විස්සෙ කරන දේවල් තියේ කරන්නත් බෑ. මම මගේ ජීවිතය පිළිබඳ මනා අවබෝධයකින් හිටියේ මුස්ලිම් ආගමට අනුව චිත්‍රපටිවල රඟපාන්න අවසරයක් නැහැ ඒ බව මට හැඟුනු නිසා මම රඟපෑමෙන් ඉවත්වුණා. සිනමාවේ බොහෝ දෙනා රඟපෑමෙන් ඉවත් නොයන ලෙස මට ඉල්ලීම් කළත් මම ගත් තීරණය මම වෙනස් කළේ නැහැ.

රඟපෑමට තිබූ ආශාව මේ සියල්ල අබිබවා ගිය නමුත් අද මම සිටින්නේ තේරුම් පැහැදුම් ඇති වයසක. මේ සියල්ල නිසි ආකාරයෙන් අවබෝධ වූවාට පසුව ආගමානුකූලව ජීවත් වන්නට මට උත්සහ කරන්න හිතුනා අදටත් මට මගේ ආසාව මුල් නැහැ මට අවශ්‍ය වුණා දරුවන් හරි මඟ යවන්න නිසි මග කියා දෙන්න මම දරුවන්ට ආදර්ශයක් විය යුතුයි ඒ නිසා මම තීරණය කළා රඟපෑමෙන් ඉවත්වෙලා ආගමික කටයුතුවලට යොමු වෙලා මගේ ඉදිරි ජීවිතය ගෙන යන්න. මගේ බිරිඳත් කැමති වුණා රඟපෑමෙන් ඉවත් වෙනවා ට”

ඔහු තමන්ගේ ආගමට ඇති භක්තිය නිසා තමයි මේ විදිහට කලා ලෝකෙන් සමුගන්නේ. කෙසේ නමුත් මුස්ලිම් දේවස්ථානයට සහ මුස්ලිම් ආගමට අතිශයින් සම්බන්ධ වී කටයුතු කරන එතුමා එදා වගේම අදටත් ඔහුට ආදරය කරපු රසික ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒ නිසාම වෙන්න වෙන්න ඇති වර්තමාන රජයට විරුද්ධව තරුණ තරුණියන් විසින් ගෙන යනු ලබන මේ අරගල සඳහා  ඔහුත් සම්බන්ධ වෙන්න හිතන් අරගල භූමියට එනවා..

ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් ශශි විජේන්ද්‍ර කියන මේ කලාකරුවා හඳුනාගෙන ඔහු සමග අදහස් හුවමාරු කරගෙන තියෙනවා. ඒ වගේම මේ වගේ අවස්ථාවක අරගල භූමියට ඇවිල්ලා ඒ වෙනුවෙන් ශක්තියක් වෙන්නට  තීරණය කරපු එක ගැන පිළිබඳව රසිකයෝ විශාල ප්‍රමාණයක් ඔහුට ස්තූතිවන්ත වුණා. ඒ වගේම එදා සිටි ශෂී විජේන්ද්‍ර ට වඩා අද ඉන්න ශෂී විජේන්ද්‍ර කියන චරිතය රූපයෙන්  විශාල වශයෙන් වෙනස් වෙලා.

ඒ කෙසේ නමුත් ඔහු ආගමානුකූලව ජීවත් වෙන්නට හිතන ඒ ජීවිතය ඒ ආකාරයෙන්ම  සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.