Siri Lankawa

Web Postal

ආගමට අනුව රඟපාන්න අවසර නැහැ.ආගමානුකූලව ජීවත් වෙන්න ඕනේ නිසා මම කලාව අතහැරියා.

තමන් රඟපෑ පළමු චිත්‍රපටය ම ආදායම් වාර්තා බිඳ හෙළන චිත්‍රපටයක් බවට පත් කරපු සුන්දර හෙළ සිනමාවේ කලාකරුවෙක් තමයි ශෂී විජේන්ද්‍ර කියන්නේ.ඒ කාලේ ඔහුට තිබ්බේ ජනතාවගේ ඉහළ ආකර්ෂණයක්.මුලින්ම ශෂී කලාවට එන්නේ ඔබට දිව්රා කියන්නම් චිත්‍රපටය හරහා 

ඒ චිත්‍රපටය තුළින් ම බොක්ස් ඔෆිස් වාර්තා වක් පිහිටවන්න හැකියාවක් ලබපු මේ සුන්දර රංගන ශිල්පියා පසු කාලීනව පසුකාලීනව හිටි හැටියේම කලාව තුළින් අතුරුදහන් වුනා.

ඒ ගැන ගොඩක් දෙනෙක් හේතුව දැනගෙන හිටියේ නැහැ.ඒ වගේම ශෂීට තියෙන්නේ සිංහල නමක් උනාට වුණාට ඔහු මුස්ලිම් ජාතික පුද්ගලයෙක්.ඉතින් කලාවේ හිනිපෙත්තේම හිටපු අවධියක එකපාරටම මේ විදියට කලාවෙන් අයින් උනේ ඇයි කියලා ආපුහාම ශෂී ඒ සම්බන්ධයෙන් කිව්වේ මේ වගේ කතාවක්.

“මුස්ලිම් ආගමට අනුකූලව චිත්‍රපටවල රඟපෑමට අවසරයක් නැහැ.ඒ බව මට තේරුන නිසා මම රඟපෑමෙන් අයින් වුණා.කට්ටිය මට එපා කිව්වත් මම ගත් තීරණය වෙනස් කළේ නැහැ.තරුණ වයස සිත අකිකරුයි ආශාවල් බොහොමයි හරි වැරදි තේරෙන්නැහැ. රඟපෑමට තිබූ ආශාව මේ සියල්ල අභිබවා ගියා.නමුත් අද මම සිටින්නේ තේරුම් පැහැදුම් ඇති වයසක.ඒ නිසා ඒ සියල්ල අවබෝධ වූවාට පසු ආගමානුකූලව ජීවත් වෙන්න මම උත්සාහ කරනවා.ඇත්තටම මම මගේ ආශාවට මුල්තැන දෙන්න මට අවශ්‍ය වුණා දරුවන් හරි මගට යවන්න.”

ඉතින් ඒ විදියට අදහස් දක්වන ශෂී අද වන විටත් හොඳින් ධර්මානුකූලව ජීවත් වන කෙනෙක්.ඒ වගේම තමයි ඔහු සඳහන් කරන ආකාරයට දුප්පත් ජනතාව වෙනුවෙන් ඇප කැප වෙලා ඕනෑම උදව්වක් කරන්නත් අමතක කරන් නෑ කියලත් ප්‍රකාශ කරා.ඉතින් ඔහු හිතන පතන ආකාරයෙන්ම ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *