Gossip Lanka

දියණියකට උපත දෙමින් ජනප්‍රිය නිළි ශේෂාද්‍රි ප්‍රියසාද් උතුම් මව්  පදවිය ලබයි

ප්‍රියසාද්  පවුල කියන්නේ  ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අතර එදා වගේම අදටත් ජනප්‍රිය වෙච්ච කලා පවුලක්. ප්‍රියසාද් පවුලේ ආදරණීය ගැහැනු දරුවන් තුන් දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් මේ ගෑනු දරුවන් විදිහට ශනුද්‍රි පියසාද් ශේෂාද්‍රි ප්‍රියසාද් සහ දිනක්ෂි ප්‍රියසාද් කියන අයව හඳුන්වන්න පුළුවන්.

මේ තුන් දෙනාගේ ම ආදරණීය තාත්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් කටයුතු කරපු කෙනෙක්. ඔහු දිනේෂ් ප්‍රියසාද්. ඉතින් තාත්තගේ තාත්තාගේ අඩි පාරේ ගමන් කරපු මේ ආදරණීය දියණියන් තුන්දෙනාම අද වෙද්දි කලා ලෝකය තුළ දක්ෂ රංගන ශිල්පිනියන් ඒ වගේම නිවේදිකාවන් නර්තන ශිල්පිනියන් විදිහට කටයුතු කරනවා.

ඒ අතරින් මේ පවුලේ දෙවනියා තමයි ශේෂාද්‍රි ප්‍රියසාද්. ශේෂාද්‍රි ගැන කතා කරද්දි ඇය කලින්ම විවාහ වෙනවා. නමුත් පළමු වරට ඇය විවාහ වන පුද්ගලයා සමඟ සාර්ථක යුග ජීවිතයක් ගත කරන්න නම් ශේෂාද්‍රි ට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා ඒ තීරණය කරනවා ඒ විවාහයෙන් වෙන්වෙන්න.

ඉතින් මෙහෙම කාලයක් ඉද්දි දිනක්ෂිගේ යාලුවෙක් වෙලා ඉඳලා තියෙනවා ක්‍රිෂාන් කියන කෙනා. ඉතින් දිනක්ෂි  තීරණය කරනවා ක්‍රිශාන්ව ශේෂාද්‍රිට හඳුන්වලා දෙන්න. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ දෙන්න දැන ඇඳින ගෙන ශේෂාද්‍රි නැවත වතාවක් ඔහු සමඟ දෙවැනි විවාහයකට යන්නේ.

ක්‍රිශාන් කියන්නේ  හරිම නිහතමානී චරිතයක් ඔවුන් සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ සංගීතයත් එක්ක කටයුතු කරන කෙනෙක්. ඉතින් මේ වන විට මේ ආදරණීය කැදැල්ල දෙසින් සුභදායි ආරංචියක් ඔවුන්ගේ ආදරණීය රසිකයන්ට අහන්න ලැබිලා තියෙනවා.  ඒ තමයි ශේෂාද්‍රි සහ ක්‍රිෂාන් ආදරණීය දියණියකගේ දෙමව්පියන් වෙන්න වාසනාව ලැබුනා කියන සුබ පණිවිඩය. ඉතින් මේ විදිහට  උතුම් මව් පදවිය ලැබු ඇය ආදරණීය දියණියගේ ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය වෙත නිකුත් කරලා තිබුණා. ඒ නිසා අපි සියලුම දෙනාත් මේ පුංචි පවුලට  හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු