Siri Lankawa

Web Postal

අපේ ගෙදර තාත්තා උඩින් හිටියට අම්මා තමයි අපි වෙනුවෙන් හැම දෙයක්ම කළේ ශේෂාද්‍රි කියන අමුතු කතාව

ප්‍රියසාද් කලා පවුලේ දෙවැනි දියණිය විදිහට කලාවට එකතු වෙච්ච ඇය ශේෂාද්‍රි ප්‍රියසාද්.රංගන ශිල්පිනියක් ඒ වගේම නිවේදිකාවක් විදිහටත් ඇය කලාවේ වැඩකටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණත් එක්ක තමන්ගේ රංගන කටයුතු කරපු ඇය ටිකක් කාලයකට කලින් රංගනයෙන් තාවකාලික විරාමයක් ගන්නවා.

ඒකට හේතුව ඇය උතුම් මව් පදවිය ලබන්න සූදානම් වෙච්ච නිසයි.ඇය පළමු විවාහයෙන් වෙන් වෙලා ටික කාලයක් ගත කරද්දි දිනක්ෂිගේ  හැඳුනුම්කමක් මත තමයි ක්‍රිෂාන්ව ඇයට හම්බ උනේ.ඉතින් දෙවැනි විවාහ ජීවිත ඉතාමත්  සාර්ථකව ගත කරන ඇය අද වෙද්දි ආදරණීය දියණියකගේ මවක්. මීට ටික කාලයකට කලින් ඇය ඒ උතුම් මව් පදවිය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“ඔව් ඉතින් මවක් වීම ඇත්තටම අමුතු අත්දැකීමක්.එක එකිනෙකට ලොකු අභියෝගයක්.අක්කට බබා ලැබුනහම අපි එයාව වඩා ගන්නවා නාවනවා කවනවා පොවනවා.ඒත් ඒ වගේ දේ කළත් දැන් මට මගේ දරුවා බලා කියා ගනිති ඒක ලොකු වගකීමක් කියලා දැනෙනවා.අක්කගේ බබා මුලින්ම අපේ පවුලට එකතු වුණේ සහ පොඩි හරි අත්දැකීමක් ලැබුණා.”

ඒ විදිහට ඇයත් උතුම් මව් පදවිය ලබන්නට යනවා කියන ආරංචිය දැන් වුණු මොහොතේ ගොඩක් සතුටු වුණා කියලත් සඳහන් කළා.කොහොම නමුත් මේ වෙද්දි ඉතාමත් සතුටින් පවුල් ජීවිත ගත කරන ඇය මවකගේ භූමිකාව තමන්ගේ අම්මා කරපු විදිය ගැන සිහිපත් කළේ මේ විදියටයි.

“අපේ පවුල ගත්තොත් අපේ ගෙදර අම්මා තමයි අපි වෙනුවෙන් හැම දෙයක්ම කළේ.තාත්තා උඩින් හිටියට.අපට අවශ්‍ය දේ කියා දෙමින් උගන්වමින් අවවාද දෙමින් බොහෝ දේ කියද්දී සමහර අවස්ථාවලදී අපි අම්මා එක්ක වාද කරගත් අවස්ථා තිබුණා.පොඩි පොඩි රණ්ඩු වගේ වෙච්චි අවස්ථා තිබ්බා දැන් අද මමත් මවක් ඔන්න අද තමයි හරියටම තේරෙන්නේ අපේ අම්මා එයාගේ ගැහැණු ළමයි තුන්දෙනා බලා ගත්තෙ කොහොමද කියලා.”

ඉතින් ඒ විට අදහස් දක්වන ඇය තමන්ගේ ආදරණීය දියණියත් ඒ විදිහට රැක බලාගන්න තමයි උපරිම උත්සාහ කරන්නේ කියලා සඳහන් කළා.ඒ නිසාම තවත් බොහෝ කාලයක් සතුටින් ම ඔවුන්ට ජීවිතය ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *