Siri Lankawa

Web Postal

මම විවාහ වුණේ අවුරුදු 20දි.මම දෙවැනි විවාහයකට යනවා.මම ආසයි පොඩි බබාලට

අපේ රංගන ලෝකය තුළ ඉන්න හරි අමුතු ලස්සනක් තියෙන නිහතමානි රංගන ශිල්පිනියක් තමයි ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ.රංගන ශිල්පිනියක් විදිහට ගොඩක් දෙනෙක් ඇයට ආදරය කරනවා.ඒ වගේම තමයි ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය පසුගිය කාලයේ ටෙලි නිර්මාණ කීපයක් හරහාම කාලෙකට පස්සේ අපිට දැක බලාගන්න අවස්ථාව උදා වුණා.

ඒ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය තුළත් බොහොම ක්‍රියාකාරී චරිතයක් වෙච්චි ඇය  කවුරුත් නොදන්නවා වුණාට ආදරණීය දියණියකගේ මවක් විදිහට තනියම තමයි ජීවත් වෙන්නේ.ඇය ආදරේ කියන තැනදි යම් යම් අභියෝගාත්මක තීරණ ගත්තත් ඒ තීරණ සාර්ථක වෙන්නේ නැහැ.ඒ නිසාම පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක් වෙලා ඇයගේ ජීවිතය සැඟවුණු කතා බොහොමයක් ගැන ඇය මෙන්න මේ විදිහට කියලා තිබ්බා.

“විවාහය මම ගත්ත තීරණයක් නෙවෙයි.මම අවුරුදු 20 දි විවාහ වුණේ ඒක ලෝකය ගැන තේරුම් ගන්න වයස. මම ඇත්තටම පොඩි බබාලට ආසයි.මම ගොඩක් ආස කලා අම්මා කෙනෙක් වෙන්න.හස්බන් මුල් කාලේ හොඳින් සැලකුවා.අම්මා කෙනෙක් විහින් තනි වෙන්නේ නෑ සැමියා දාලා ගියොත් එයා එක්ක ඉන්න බැරි උනොත් තමයි තනි වෙන්නේ.

අම්මයි කැමැත්තට විවාහ වුණාට පස්සේ මම දික්කසාද වෙන තත්වෙට ආවා.මේ සමාජ මොනවා කියයිද කියලා ප්‍රශ්න තිබ්බා හැබැයි මම ඒ තීරණය ගත්තා.අද මට හිතෙනවා ඒ තීරණය ගත්ත නිසා මම ජීවිතේ දිනලා කියලා.මම දෙවැනි විවාහයකට යයි මොකද ආදරයක් ඕනි අපිට මගෙ මුලු ලෝකෙම මගෙ දුව”

ඒ විදිහට කියන ඇයට ඇයගේ ජීවිතය තුළ ඈ බලාපොරොත්තුවෙන්න වූ ආකාරය සුන්දර ආදරයක් මුණ ගැසේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *