Gossip Lanka

ගොඩක් අය අපි දෙන්නා ගැළපෙනවා කියලා අපිට හදවතින්ම  සුබපතලා තිබුණා

නව පරපුරේ සුමිහිරි කටහඬකට උරුමකම් කියන දක්ෂ ගායිකාවක් තමයි දිල්කි උරේශා කියලා කියන්නේ. වෙනස්ම ආකාරයේ ගීතවලින් කරළියට පැමිණි ඇය පසුගිය දවස්වල බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු  මාතෘකාවක් වුණා. ඒ අය විසින් හදිස්සියේම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරපු සංජය මුරමුදලි සහ ඇය එකට ගත් ඡායාරූපයක් නිසයි.

ඉතින් ඒ සිදුවීම පිළිබඳව නැවත වතාවක් කතා කරද්දි දිල්කි ඇත්තම සඳහන් කළේ පහත ආකාරයටයි

ඒ ෆොටෝ එක අපි වීඩියෝ එකක් සඳහා කරපු කැම්පේන් එකක්.ගොඩක් pages ඒ ගැන කතා බහට ලක් කරලා තිබුණා වගේ බොහෝ අය අපි දෙන්නට සුභ පතලා තිබුණා. හදපානේ ගීතයට තමයි අපි ඒක කළේ අපේ ටාගට් එක උනෙත් ඒක ම තමයි.

ඇත්තටම ඒ විදිහට ඡායාරූපයක් මුහුණු පොතට එකතු කරලා තියෙන්නෙ ඇය විසින් අලූතින් ගායනා කරපු හදපානේ ගීතයට  ආකර්ෂණයක් ලබා ගැනීම සඳහායි. ඒ වුණත් ගොඩක් දෙනෙක් සංජයට ගැළපෙනවා කියලා සුබපතලා තිබුණා.

“ඇත්තටම ගොඩක් අය කමෙන්ට් කරලා  තිබුණා. ඒ music වීඩියෝවට ගැලපෙනම සංජය අයියා කියලා තීරණය කරලා තිබුණා.  එයයි මමයි කියන්නේ හොද යාලුවන් දෙන්නෙක් කියලයි කියන්න තියෙන්නෙ. යාලුකමක් විතරයි. කොහොම වුණත් නිර්මාණය සාර්ථක කර ගන්න ලැබීම සතුටක්.”

ඒ විදිහට අදහස් දක්වන ඇය සඳහන් කරන්නේ එක මියුසික් වීඩියෝ වෙනුවෙන් කරපු ඡායාරූප  ගත කිරීමක් පමණක් කියලයි. කෙසේ නමුත් ඇය විසින් ගායනා කරපු මේ අලුත් ගීතය බොහෝ දෙනෙක් ආදරයෙන් වැලඳගත්තා. ඒක අනෙක් නිර්මාණවලට වඩා ටිකක් වෙනස් නිර්මාණයක්. මේ විදිහට වෙනස් දේවල් කරන්නත් දක්ෂ ගායිකාවක් විදිහට ක්ෂේත්රයේ කැපී පෙනෙන්නක් ඇයට නිරන්තරයෙන්ම සහයෝගය ලැබිලා තියෙන්නෙ ආදරණීය අම්මා සහ තාත්තාගෙන්.

දිල්කි සඳහන් කරන්නේ අදටත් ඇයව දරාගෙන ලොකු සහයක් දෙන්නේ මේ ආදරණීය අම්මයි තාත්තයි කියලයි. කලා ලෝකයේ විවිධ දේවල් නිසා කලකිරුණු අවස්ථා තිබුණත් තමන්ගෙම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගෙන ඉදිරියේදී සාර්ථක නිර්මාණයක් දායාද කරන්න තමයි ඇගේ මූලිකම බලාපොරොත්තුව. ඉතින් ඒ සියලු බලාපොරොත්තු  ඉෂ්ට වේවා කියා අපි මේ දක්ෂ කලාකාරිනිය ට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.