Gossip Lanka

මගේ ඇඟේ මේ වෙනකොට ටැටු 12ක් තියෙනවා. 2013 ඉඳන් ටැටූ ගහන කාවින්ද්‍යා

කවින්ධ්‍යා අධිකාරි කියලා කියන්නේ මේ වන සංගීත ක්ෂේත්‍රය තුළ මවුපිය උරුමයෙන් ලද දායාදයන් සමග ඉදිරියට ගමන් කරන දක්ෂ තාරකාවියක්. ඇය ගායන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම කාවින්දයට හොඳට නටන්නත් පුළුවන්. මේ සියලුම දේට අමතරව කාවින්දයා නිවේදිකාවක් වශයෙනුත් අපිට පුංචි තිරයෙන් මේ වෙද්දි බලාගන්න පුළුවන්.

තමන්ටම කියලා කියල අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් ක්ෂේත්‍රය තුළින් ඉහළට යන්න උත්සහ දරන ඇය මේ වසංගත කාලසීමාව තුළදී වගකීමක් ඇතිව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ පිළිබඳව කවි අදහස් දැක්වූයේ පහත ආකාරයෙන්.

කරගෙන ආපු සුපුරුදු වැඩ කටයුතු කරගෙන යනවා. නිවේදන කටයුතු සහ අම්මගේ කලායතනය වැඩ වලට තමයි වැඩිපුර කාලය වෙන් කරලා තියෙන්නේ. මගේ මම්මා නැති වීමත් එක්ක කරගෙන ආපු වැඩකටයුතු හිතට ලොකු බරක් වගේ දැනුනා. මොකද මම්මා කියන්නේ මගේ හැම වැඩකටම ලොකු ශක්තියක් දුන්න කෙනෙක්. එය අපි අතරින් වෙන් වීම ඇතුලෙ තියෙන්නේ කියාගන්න බැරි ලොකු බරක්.

ඉතින් ආදරණීය ආච්චි අම්මා එහෙම නැත්නම් අත්තම්මගේ වියෝව නිසා කාවින්දයා පසුගිය කාලසීමාව තුළදීම ගොඩක් දුකෙන් තමයි කාලය ගත කළේ. ඇය සඳහන් කරන ආකාරයට ඇගේ වියෝව වැඩක් පලක් කරගන්න බැරි තැනටම කවිව පත් කළා ලු.

ඝරසරප සිනමා නිර්මාණය සහ සක්කාරං ටෙලි නාට්‍යයට පසුව කාවින්ද්‍යා ව අපිට පුංචි තිරයෙන් නැවත දකින්නට ලැබුණේ නැහැ. ඉතින් රංගන කටයුතු සම්බන්ධයෙන් නැවත අලුත් ආරාධනා ආවේ නැද්ද කියලා අහපු අවස්ථාවක කවි දුන්නේ පහත ආකාරයේ පිළිතුරක්.

වෙළද දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබුණා. හැබැයි බජට් ප්‍රශ්න නිසා ඒවා බාරගත්තේ නැහැ. මෑතකදී රංගනයට වෙනත් ආරාධනා ලැබුණේ නම් නැහැ. මම tattoo ගහන නිසා ඒකත් රංගනයට ප්‍රශ්නයක් වෙලා ඇති සමහරවිට.

කවි කියන්නෙ නිතරම ටැටු ගහන එක විලාසිතාවක් වගේම විනෝදාංශයක් බවට පත් කරගත්තු කෙනෙක්. විවිධ තේරුම් තියෙන ටැටූ නිර්මාණ තමන්ගේ ශරීරය ගහන්න ඇය දෙපාරක් හිතන්නේ නැහැ. කවී ටැටු වලට ඇයි ඒ තරම් ආස කරන්නේ කියලා  විස්තර කළේ මේ විදිහට.

මගේ ඇඟේ මේ වෙනකොට ටැටූ 12ක් තියෙනවා. මම මුලින්ම ටැටූ එකක් ගැහුවෙ 2013 දී. මම ලස්සනට වඩා තේරුම එක්ක තමයි ටැටු ගහන්නෙ. මගේ ඇඟේ ගහලා තියෙන හැමටැටු එකකටම තේරුමක් තියෙනවා ඒක කලාවක්. මම හරි ආසයි ටැටු වලට සමහරු කියනවා දැන් මගේ ඇඟේ tattoo ගහන්න තැනක් නැතුව ඇති කියලා. සාමාන්‍යයෙන් තව කෙනෙක්ට හානියක් නැත්නම් මම ආස දේ කරන කෙනෙක්. මගේ කොණ්ඩෙ වුණත් දිගට තිබ්බා මට හිතුනා කොන්ඩෙ කපලා බලන්න ඕනේ කියලා. ඒකත් කරලා බැලුවා. මම හැමවෙලේම අද දවස ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් 

ඒ විදිහට අදහස් දක්වන කවී සඳහන් කරන්නේ හැම වෙලාවෙම අද දවස ජීවත් වෙන්න උත්සාහ කරන නිසා අද දවස පුළුවන් උපරිමයෙන් විඳින්න ඇය කැමතියි කියලයි. අතුල අදිකාරි කියලා කියන්නේ කාවින්දයා ගෙ තාත්තා. අතුල ඔවුන්ගෙන් වෙන් වුනත් ඒ සම්බන්ධතාවය ඒ බැඳීම තාමත් ඒ විදිහටම තියෙනවා කියලා කවි සඳහන් කළා. එයා ඒ විදිහට ගෙදර ආපු දවසට කට්ටියත් එක්කම එකතු වෙලා එළියට යන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ.

 නමුත් මේ දවස් වල අතුල අදිකාරි නළුවෙක් ගේ භූමිකාව කරන නිසා ඒ වැඩකටයුතුත් එක්ක කාර්යබහුල වෙලා කියලා කවී සඳහන් කළා. ආදරය පිලිබඳව තාමත් හිතන්නෙ නැති කාවින්ද කලින් නම් ආදරේ කරපු කෙනෙක් කියලා කවුරුත් දන්නවා. නමුත් මේ වෙද්දී ඔවුන් දෙදෙනාම ඉතාමත් සුහදශීලී ව තමාගේ ප්‍රශ්න විසඳ ගැන විසඳගෙන වෙන්වෙලා යාළුවො වගේ තාමත් ඉන්නවා.

ඇය ආදරය සම්බන්ධව කතා කරද්දි සඳහන් කළේ ආදරේ කරන්න කලින් හැමදේම ගැන හොඳට හිතන්න ඕනේ කියලයි. ඒ වගේම ඇය සමහරක් විට කසාද බඳින්නත් පුළුවන් කසාද නොබැඳ ඉන්න පුළුවන් කියලා සඳහන් කළා. කෙසේ නමුත් මේ වෙද්දි වෙද්දි තමන්ගේ ආදරණීය පවුලට එකතුවුණු අලුත්ම සමාජිකයා වන සමිතා මුදුන්කොටුව මහත්මිය ගේ සැමියා චිරන්ත සමඟ කට්ටියම ඉතාමත් හොඳින් සතුටින් ජීවත් වෙනවා කියලා ආරංචියි.

චිරන්ත පවුලට සම්බන්ධ වුණත් එක්කම කාවින්දයා ට ඒක ලොකු ශක්තියක් වුණා ලු. චිරන්ත ගෙදර දොරේ වැඩ කටයුතු හැම දෙයක්ම හොයලා බලලා කරන නිසා කලින් තිබූ වගකීම් වලින් මිදෙන්නත් ඇයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඉතාමත් සතුටින් සහ සුන්දරව ජීවත්වෙන කාවින්දිගේ පුංචි පවුලට තව තවත් සතුටින් ජීවත් වෙන්නට වාසනාව උදාවේවා කියා අපි හදවතිම්ම හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.