Gossip Lanka

දරුවන් 6 දෙනා කුසට එන්න කලින් අපි දැහැමින් තමයි ජීවත් වුණේ. නිවුන් දරුවන්ගේ පියා කියූ සෙනෙහෙබර කතාව

දරුවන් කියන්නේ ඕනෑම දෙමව්පියන්ට තමන්ගෙ ජීවිතය ආලෝකමත් කරන වාසනාවන්ත සම්පතක්. ඉතින් පසුගිය දිනක ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සුවිශේෂී ප්‍රවෘත්තියක් වාර්තා වුණා. එනම්  තරුණ යුවලකට හැකියාව ලැබෙනවා නිවුන් දරුවන් හය දෙනෙකුගේ ආදරණීය දෙමව්පියන් වෙන්නට.

ශ්‍රී ලංකාව තුළ නිවුන් දරුවන් හය 6 දෙනෙකු බිහි වූ පළමු අවස්ථාව මෙයයි. එනිසාම මෙය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නට පටන් ගත්තා. පසුගිය විසි එක් වැනි දින අලුයම 12යි 16ට දිලිනි වාසනා සහ උදයංග මරවනාගොඩ යන පවුලට දාව තමයි මේ පින්වත් දරුවන් හය දෙනා මේ ලෝකයට උපත ලබන්නේ.

ඒ සොඳුරු ජයග්‍රහණය පිළිබඳව මේ දරුවන්ගේ ආදරණීය පියා අදහස් දැක්වුවේ  මෙයාකාරයෙන්.

මම කොයි තරම් වාසනාවන්ත වුණත් ඒ දරුවන්ගෙ තාත්තා මම වුණත්  ඇත්තටම මේ දරුවන්ගේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ මගේ බිරිය ටයි. ඇය පසුගිය කාලය පුරාවටම මේ බර දරාගෙන සතුටින් හිටියා. ඒක කොයිතරම් ධෛර්යවන්ත කමක්ද. තාත්ත කෙනෙක් හැටියට එහෙමත් නැත්නම් ස්වාමි පුරුෂයෙක් හැටියට මම කලේ ඇය රැක බලා ගන්න එක,ආදරය කළ එක විතරයි ඒ නිසා මම හිතනවා මුළු බර දරාගෙන ඉවසාගෙන සතුටින් හිටපු ඇය මහ පුදුමාකාර බිරියක් කියලා.

තමන්ගේ ආදරණීය බිරිඳ පිළිබඳව සෙනෙහෙබර ව අදහස් දක්වන්නනේ ඔහු ඒ ආකාරයෙන්. මහාචාර්ය  ටිරාන් ඩයස් මහතා ප්‍රසව හා නාරි වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ නිසාම දිලිනිට අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් මේ වෛද්‍යවරයාගෙන් ඔවුන්ට නිරන්තරයෙන්ම ලබාගැනීමට  හැකියාව ලැබුණා.

එකවර දරුවන් හය දෙනෙක් ලබන්න මේ අදරනීය යුවල කොයිතරම් පුණ්‍යවන්ත වෙන්න ඕනිද. ඒ පිළිබඳව දරුවන්ගේ ආදරණීය පියා සඳහන් කළේ මේ වගේ දෙයක්.දරුව කුසට ආපු කාලේ නෙවෙයි ඊට පෙර ඉඳලම අපි දැහැමින් යහපත් විදිහට ජීවත් වුණා. අපි දහම ඔස්සේ ජීවිතය හැඩගස්වා ගත දෙන්නෙක්. අපේ හමුවීම දැන හඳුනා ගැනීම මේ හැම දේකටම සංසාරගත පුරුදු බලපාන්න ඇති. අපි බොදු වත් පිළිවෙත් වල පිහිටලා වටිනා දරු සම්පතක් පාර්ථනා කරා.

ඔහු ඒ ආකාරයෙන් තමයි තමන්ගේ ජීවිතයේ මේ සොඳුරු අවස්ථාව පිළිබඳව අදහස් දක්වන්නෙ.  ප්‍රභාත් උදයංග හා දිලිනි වාසනා මවුපියන් වීමට සිතූ කාලේ තවත් එක්තරා අති දක්ෂ වෛද්‍යවරයෙකුගේ සේවය ඔවුන්ට ලැබුණා මේ වෛද්‍යවරයා නමින් තිළිණ  පළිහවඩන මහතායි.

නිදුක් නිරෝගී ව මේ ලෝකයට උපත ලබපු ගැහැණු  ළමුන් තිදෙනා සහ පිරිමි ළමුන් තිදෙනා සමාජයට වැඩදායී පුද්ගලයන් බවට පත් කිරීම ඔවුන්ගේ මූලිකම අරමුණ කියලා සඳහන් කළා.

ඉතින් වාර්තා තබමින් මේ ලෝකයට බිහි වූ ආදරණීය දරුවන් 6දෙනාම ලෝකයට වැඩ ඇති යහපත් පුද්ගලයන් බවට පත් කිරීමට ඔවුන්ට ශක්තිය ධෛර්යය සහ සියලුම ආශිර්වාදයක් ලැබේවා කියා ශ්‍රී ලාංකික අප සියලුම දෙනා සුබ පැතුම් එක් කරන්නෙමු.