Gossip Lanka

මේ අවුරුද්දේ හා හා පුරා කියලා චිරන්තයි චූටික්කියි අම්මලායි ගියපු ගමන

සමිතා මුදුන්කොටුව සහ චිරන්ත  ගුණවර්ධන කියලා කියන්නේ කාලයක් අපේ රටේ බොහෝ දෙනෙක් කතා කරපු මාතෘකාවක් බවට පත් වෙච්ච චරිත දෙකක්. ඒ විදිහට ඔවුන් පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්න පටන් ගන්නේ  චිරන්ත සහ සමිතාගේ ඒ ආදරණීය  අපූරු හමුවීම නිසයි.

ඒ හමුවීම ගොඩක් දෙනෙක් ප්‍රශ්නයක් බවට පත් කර ගන්නේ චිරන්ත  කියන මේ සමිතගේ ආදරණීය ස්වාමිපුරුෂයා   ඇයට වඩා වසර ගණනාවකින් ලාබාල වීම නිසයි. ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ  ප්‍රසිද්ධ තරුවක් වන ඔහුට මුලින්ම කතාකරලා තියෙන්නේ සමිතා මුදුන්කොටුව මහත්මිය ඒ ඔහුට සුබ පතන්න.

කෙසේ නමුත් එහෙම සුබ පතන්න කතා කරපු ඇය පසුකාලීනව ඔහුගේ ආදරණීය පෙම්වතිය බවට පත්වෙනවා. එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක දී තමයි සමිතා මුදුන්කොටුව පලවෙනි වතාවට මේ ආදරණීය පෙම්වතා පිළිබඳව හෙළි කරන්නේ. ඊට පස්සේ ඔවුන් දෙදෙනාම විවාහ වෙන්න තීරණය කරනවා. රට්ටු මොන දේ කිව්වත් තමන්ගෙ පාඩුවේ ඉතාමත් සතුටින් ජීවිතය ගත කරන සමිතා සහ චිරන්ත තමන්ගේ දෙමව්පියන්ටත් සලකන්න අමතක කරන්නේ නැහැ.

මේ වෙද්දි සමිතගේ පැත්තෙන් දෙමව්පියන්ට ඉන්නේ ආදරණීය තාත්තා විතරයි. ඇගේ ආදරණීය මව මෑත කාලයේදී ජීවිතයට සමු දුන්නා. හැමෝමත් එක්ක ගොඩක් සතුටින් ඉන්න උත්සාහ කරන  සමිතා සහ චිරන්ත 2022 අවුරුද්දේදී හා හා පුරා කියලා සුන්දර ගමනක් ගිහින් තියෙනවා.

ඉතින් ඔවුන් චිරන්තගෙ පවුලේ ආදරණීය අම්මයි තාත්තයි සමිතගෙ පුතා ශේනුයි එක්ක එකතු වෙලා  ගාල්ල මුහුදු තීරයේ  අසිරිය විඳින්න එක සැන්දෑවක පිටත් වෙනවා. මේ අවස්ථාවේදී ඔවුන් එකතු වෙලා සතුටින් විනෝද වන වීඩියෝ පටයක් සමිතා මුදුන්කොටුව මහත්මිය තමන්ගේ යූටියුබ් ගිණුම හරහා ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගෙන තිබුණා.

ඒ අවස්ථාවේදී චිරන්තආදරයෙන් සමිතව පෙන්නලා මේ ඉන්නේ මගේ චූටික්කි කියලා කියනවා.ඒ හැන්දෑව ඉතාමත් ආදරයෙන් පවුලේ කට්ටියත් එක්ක ගත කරපු ආකාරය ඒ වීඩියෝව බලපු ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතාමත් සතුටින් පවුලේ සියලු දෙනා එක්කම කාලය ගත කරන්න මේ ආදරණීය යුවලට හැමදාමත් හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.